උණුසුම් පුවත්
හෙට කොළඹ ප්රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්
හෙට දිනයේ (13) කොළඹ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කර සිටිනවා.
හෙට දින (13) පස්වරු 05.00 සිට අනිද්දා (14) පෙරවරු 09.00 දක්වා පැය 16ක කාලයක් කොළඹ 11,12,13,14 සහ 15 යන ප්රදේශයන්ට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබනවා.
මණ්ඩලය සඳහන් කර සිටින්නේ අඹතලේ ජල සැපයුමෙහි අත්යවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බවටයි.