සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

ගබ්සාව ගැන අපි නොදන්නේ මොනවාද? දෙවන කොට​ස

ගබ්සාව පිළිබඳව අප තැබූ මුල් සටහන ප්‍රමුඛ වශයෙන් ගබ්සාව පිළිබඳ මූලික අදහස, ක්‍රමවේද, සෞඛ්‍යයට වන බලපෑම, සංඛ්‍යලේඛන සහ ගබ්සාවට වන පෙළඹවීම් පිළිබඳව කතා කරනු ලැබුවා. මෙහි දෙවැනි කොටස ලෙසින් මෙම සටහන කතා කරන්නට නියමිතව ඇත්තේ ගබ්සාවට එදිරිව නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවයි. එහිදී ජාත්‍යන්තරයේ මේ පිළිබඳව ආස්ථානය පිළිබඳව කතා කිරීමටත් අප සැළසුම් කර තිබෙනවා. මෙම සටහනටත් පෙර සටහනට මෙන්ම ඔබේ වටිනා අදහස් සහ දැනුම එක් කරන්නේ නම් කදිම බව අප නැවතත් සිහිපත් කර සිටිනවා. 

 

ගබ්සා කිරීම් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ස්වභාවයෙන් සිදුවන ගබ්සාව නොව කෘතිමව ඕනෑකමින් ගර්භයක් ශරීරයෙන් ඉවත් කිරීම්යි. ඉවත් කිරීම නීතියට අනුව අනුකූලව හෝ අනු අනුකූල නොවී සිදු කරන අවස්ථා ඇත. ලෝකයේ එක් එක් එක් රටවල් සමාජයන්හි පවතින අදහස් අනුව මේ සම්බන්ධයෙන් වන නීතිරීති සකස් වී තිබේ. ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව කෘතිමව ගර්භයක් ඉවත් කිරීම් නීති විරෝධී ක්‍රියාවක් ලෙස සැලකේ. මවගේ ජීවිතය බේරා ගැනීමට ගර්භයක් ඉවත් කරන අවස්ථාවන් හැරුණු කොට එනම් මවගේ ජීවිතය පවත්වා ගැනීමට මෙම ගර්භණී බව හෝ එම එම දරු ප්‍රසූතිය තර්ජනයක්ව පවතින අවස්ථාවන් වලදී පමණක් ගර්භයක් ඉවත් කිරීමේ ඉඩකඩ තිබේ. එය සිදුවිය යුතු වන්නේ ඒ සඳහා සුදුසු සුරක්ෂිත වෛද්‍ය විද්‍යාත්මක පරිසරයකදී පවතින නීතිමය නීතියට අනුකූලවය .

ලංකාවේ ගබ්සාව අයත්වන්නේ අපරාධ නීතිය ටයි. එනම් ගබ්සා කිරීමක් යනු රාජ්‍යයට එරෙහිව කරන අපරාධයකි .

 

ගබ්සාව සෞඛ්‍ය ගැටලුවක් ලෙසින් විනා අපරාධයක් ලෙසින් නොසැලකිය යුතු බව, බ්‍රිතාන්‍යයේ ඉහළම පෙළේ ප්‍රසව හා නාරි වේද විශේෂඥයෝ පවසති. වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ අනුමැතියකින් තොරව ගබ්සාවක්‌ සිදු කිරීම වර්තමානයේ එංගලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තයේ නීති විරෝධී කටයුත්තක් වන අතර එය සිර දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් ගබ්සාව දඬුවම් ලැබිය හැකි අපරාධයක් බවට පවතින නීතිය ඉවත් කොට වෙනත් සෞඛ්‍ය ගැටළු හා සමාන ආකාරයට ගබ්සාව ද පාලනයකට නතු කළ යුතු බව ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලය (Royal College of Obstetricians and Gynaecologists) නිර්දේශ කර තිබේ. සති 24 කට වඩා පිරුණු දරු ගැබක් ගබ්සා නොකළ යුතු බව ද විශේෂඥයෝ පවසති.

 

බොහෝ රටවල පවතින සමාජ , ආර්ථික විවිධතාවය පදනම් කොටගෙන වාර්ෂිකව ගබ්සාව සඳහා යොමු වන ප්‍රතිශතයේ වෙනස්කම් පවතින අතර සමහර රටවල සාඵල්‍යතාව අඩු කිරීමෙහි ලා ගබ්සාව ඉතා අඩු බලපෑමක් කරන සාධකයක් බවට පත් වි ඇත.ලෝකයේ ඇතැම් රටවල ගබ්සාව නීත්‍යානුකුල කර ඇති අතරම තවත් සමහර රටවල යම් යම් කොන්දේසි යටතේ නිතිගත කර ඇත. 

 

ඉන්දියාවේ ගබ්සාව නීනිගත කර ඇතත් එය සිදුකළ හැක්කේ ගැබට සති 20ක් ඉකුත් වීමට පෙරය.

බංග්ලාදේශයේ ගැබට සති 10ක් ඉකුත් වීමට පෙර එය කරවා ගැනීමට නීතියෙන් බාධාවක් නැත.

තායිලන්තයේ ගබ්සාවක් කර හැක්කේ එය ව්‍යභිචාරය, දූෂණය, හෝ මවගේ ජිවිතය බේරාගැනීමේ අරමුණින් පමණි.

 

නමුත් ශ්‍රී ලංකාව තුළදී එය යම් ස්ත්‍රියකට දරු උපතක් පිහිටා සති 28 එනම් මාස තුන සම්පූර්ණ වීමට පෙර කලලළයට තර්ජනයක් වන කලළ කොටස් ගර්භාශයෙන් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් පිට කිරීමට හේතු වීමක් ගබ්සාවක් නුවෙන් හැඳින්වේ. මෙය දරුගැබ දරන කාන්තාව හෝ වෙනත් අයකු කළ හැකිය. එය ලංකා නීතියට අනුව වරදකි.

 

ඒ බව එ 1883 පනවන ලද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තිය මෙසේ දක්වා ඇත.

“යම් ස්ත්‍රියකගේ ජීවිතය බේරීමේ කාර්යය සඳහා සත්භාවයෙන් කෙරෙන ගබ්සා කිරීමක් නොවන ගබ්සා කිරීමක් ගැබ්ගත් ස්ත්‍රියගේ කැමැත්ත ඇතිව සිදු කරන තැනැත්තෙකුට අවුරුදු 3 දක්වා කාලයකට බරපතල වැඩ ඇතිව හෝ නැතිව බන්ධනාගාර ගත කිරීම හෝ එකී දඩුවම් දෙකින්ම දඩුවම් කළ හැකිය.”

 

ඒ අනුව ගබ්සා කිරීම නීති විරෝධී වුවත් ස්ත්‍රියගේ ජීවිතය බේරාගැනීමේ සද්භාවය මත එය සිදු කළ හැක. එ 304 වගන්තියට අනුව ස්ත්‍රියක දරු ප්‍රසූතියට ආසන්න ව සිටියදී හෝ නො සිටියදී ඇයගේ කැමැත්ත නොමැතිව ඉහත කී වගන්තියෙ විස්තර කරනු ලබන වරද කරන තැනැත්තා අවුරුදු 20 දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක එනම් බරපතළ වැඩ ඇතිව හෝ නැතිව බන්ධනාගාර ගත කිරීම හෝ දඬුවම් කිරීම කළ යුතුය. එම තැනැත්තා දඩයකටද යටත් විය යුතුය.

 

305 වගන්තියට අනුව ගැබ්ගත් ස්ත්‍රියකට ගත් ස්ත්‍රියකට ගබ්සා කිරීමේ අදහසින් එකී ස්ත්‍රියගේ මරණය සිදු කරන යම් ක්‍රියාවක් කරන තැනැත්තෙකුට අවුරුදු 20 දක්වා කාලයක් බරපතළ වැඩ ඇතිව හෝ නැතිව බන්ධනාගාර ගත කිරීම හෝ දඬුවම් කිරීම කළ යුතුය. දඩයකටද යටත් විය යුතුය. එම තැනැත්තා වරදකරු එම ක්‍රියාවෙන් මරණය සිදුවීමට ඉඩ ඇති බව දැන ගනු ලැබීම මේ වරද සඳහා අත්‍යවශ්‍ය නොවේ.

 

බ්‍රිතාන්‍යයේ මෙම තත්ත්වය සාපේක්ෂව සුබවාදී බව කිව යුතුය. “ප්‍රධානම සෞඛ්‍ය සේවයක් ලෙසින්” ගබ්සාව සඳහා කාන්තාවන්ට අවස්ථාව සලසා දීම සිය ආයතනයේ ප්‍රධානම වගකීමක් බව ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලයේ සභාපතිනි, මහාචාරිනී ලෙස්ලි රේගන් (Lesley Regan) සඳහන් කළාය. “ගබ්සාව අපරාධයක් නොවිය යුතුය යන්නෙන් අපි අදහස් කරන්නේ ඒක පාලනයකට නතු නොකළ යුතුයි යන්න නොවෙයි කියල මම පැහැදිලිව කියන්න ඕනේ,” ඇය සඳහන් කළාය. “අනෙක් සෑම සෞඛ්‍ය ක්‍රමවේදයක් වගේම ගබ්සාවත් නිසි පාලනයකට සහ වෘත්තීය ප්‍රමිතියකට නතු කළ යුතුයි.”

 

මීට වසර 6කට පමණ පෙර විශේෂිත අවස්ථාවන් හිදී ගබ්සාව සඳහා අවසර දීමේ යෝජනාවකට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමැතිය පළ කළේය. ඒ අනුව ලිංගික අතවරයකට ලක්ව ගැබ් ගත්තේ නම් හෝ ඉපදීමට නියමිත දරුවා මාරාන්තික උපත් ආබාධයකින් යුක්ත නම් මවගේ කැමැත්ත මත කළලය ගබ්සා කිරීමට නීතියේ අනුමැතිය හිමි වන බව පැවසූ අතර ඒ සඳහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගේ අනුමැතිය ලැබිය යුතු අතර, සැත්කම සිදු කළ යුත්තේ රජයේ රෝහලකදී පමණි.

 

එම යෝජනාවට වෛද්‍ය විශේෂඥයන් ද සහාය පළකරන නමුත් “ශුද්ධවත් ජීවිතය කෙලසීමට පිළිසිඳ ගත් මොහොතේදී පවා අයිතියක් නොමැති බව,” ඒ පිළිබඳව ප්‍රතිචාරය පළකරමින් කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. වෛද්‍ය විශේෂඥයන්ගේ යෝජනාව සහ ආගමික නායකයන් පළ කරන විරෝධය පිළිබඳව ශ්‍රී ලංකා සමාජය තුළ ඒ වන විට ප්‍රමුඛ සංවාදයක් විය.

 

කෙසේ වුවත් ගබ්සාව පිළිබඳව නීතිමය තත්ත්වය කතා කිරීමේදී දණ්ඩ නීති සංග්‍රහය 307 වගන්තියට අනුව ගැබ් මේරු නමුත් නොඉපදුණු දරුවකු ගේ මරණය සිදු කිරගේ මරණය සිදුකිරීමේ දී වරදකරුට අවුරුදු දහයක් දක්වා කාලයකට බරපතල වැඩ ඇතිව හෝ නැතිව බන්ධනාගාර ගත කිරීම හෝ දඬුවම් කළයුතු අතර දඩයකට ද යටත් විය යුතුය එසේම දරුවා ලැබීමට ආසන්නව තිබියදී ගබ්සා කිරීම කාන්තාවගේ කැමැත්ත නොමැතිව ගබ්සා කිරීම සහ ගබ්සාව හේතුකොටගෙන කාන්තාවගේ මරණය සිදුවීම යන අවස්ථා තුනේදී ගබ්සා කිරීම පිළිබඳ වරදට දෙන දඬුවම වැඩිය .

 

දණ්ඩ නිති සංග්‍රහයේ 311 ඡේදයේ සඳහන් වන ආකාරයටයට ශ්‍රී ලංකාවේ ගබ්සාවක් සිදු කිරීමට නීත්‍යානුකූලවව අවසර ලැබෙනුයේ ගැබ් භාවය ඇති කාන්තාවගේ ජීවිතයට අන්තරාදායක තත්ත්වයක් පවතින අවස්ථාවල පමණි එසේ නොවන අවස්තාවක සිදුකරන ගබ්සාව නීති විරෝධී වේ. ඒ අනුව දරුගැබ නිසා කාන්තාවගේ ජීවිතයට හානියක් නොවන අවස්ථාවකදී ගබ්සාවක් සිදු කිරීම, අනුබල දීම් එම කාන්තාව විසින්ම ගබ්සාවක් සිදු කර ගැනීම් වැනි තත්ත්වයන් පවතින නීතියට අනුව දඬුවම්ට යටත් වන අවස්ථාවේ.

 

තත්වය මෙසේ වුවද ඉහත දැක්වු හේතු මත ලෝකයේ අනීතිකව සිදුවන ගබ්සා ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් පවතී. සදාචාරමය හා ආගමික වශයෙන් යම් යම් සිමාවන් යටතේ ගබ්සාව සිදුකිරිමෙහි ප්‍රවණතාව අඩු වී ඇති අතර එයට වෛද්‍යවරයෙකුගේ මැදිහත් වීමක් අවශ්‍ය වන නිසා එවැන්නකින් වැළකී සිටීමට බොහෝ අයගේ නැඹුරැවක්ද පවතියි. එහෙත් අක්‍රමවත්ව සිදුවන ගබ්සා කිරිම් හේතුවෙන් සිදුවන අනතුරැ ප්‍රමාණය ඉහළයෑමටද එම හේතුම ඉවහල් වි ඇත.

Tags