විශේෂාංග
අලුත් අවුරුදු නිවාඩුවේ අමුතු වාසි ගැන අපි නොහිතන සිද්ධි – I

අලුත් අවුරුද්ද ගැන දැන් දැන් අපේ ලොකු හැඟීමක් නැති වෙලා තිබුණට ඉස්සර අපිට ඒක ලොකුවටම දැනුණු කාලයක්. දැන් වෙද්දි රටේ තියෙන තත්ත්වය එක්ක, වැඩ අධික වීම එක්ක, පරණ පුරුදු ඈත්වීම එක්ක අපිට මේ සිද්ධ වෙලා තියෙන දේට ලොකු වැරැද්දක් අපේ පිටට දාගන්න බෑ. එහෙම වුණත් තාමත් අලුත් අවුරුද්ද කියන්නෙ සැළකිය යුතු තරමකින් හිතට සතුටක් නිදහසක් දැනෙන කාලයක්. අද කතාව කියන්න යන්නෙ අන්න ඒ කියන අවුරුදු නිවාඩුව අපිට වැඩිපුරම සතුටු වෙන්න තියෙන නිවාඩු කාලෙ වෙන්නේ ඇයි කියන එකට හේතුව. අපි මේ කතාව කිවුවට පස්සෙ ඔයාලටත් අපි එහෙම කියන්නෙ ඇයි කියලා දැනෙයි. ආගම් ජාති බේධයකින් තොරව අපි හැමෝටම සතුටෙන් ඉන්න පුළුවන් මේ කාලය ගැන කියන මේ කතාවට, ඔයාලටත් අලුතෙන් දෙයක් මතක් වුණොත් එකතු කරන්න අමතක කරන්න එපා.
හැමෝගෙම එකතුවක්
නත්තල් නිවාඩුවට වැඩිපුරම ගෙදර ඉන්නෙ ළමයි. අම්මලා තාත්තලා රැකියාවේ නිරත වෙනවා. හැබැයි නත්තල් නිවාඩුව නම් එහෙම නෑ. නත්තල් නිවාඩුව මේ හැමෝගෙම එකතුවක්. නත්තල් නිවාඩුවේ ගෙදර හැමෝම ඉන්නවා. යාළුවො හැමෝම වගේ මුණගැහෙනවා. අන්න ඒ නිසා පවුලක් විදියට වගේම, අනිත් කට්ටියත් කණ්ඩායම් විදියට මුණගැහෙන්න පුළුවන් කාලයක් අවුරුද්දත් එක්ක එළැඹෙනවා. මේ හැඟීම අනිත් නිවාඩු කාලයකට වඩා හිතට සතුටක් නිදහසක් දැනෙන හේතුවක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.
දිග කාලයක්
අපිට සාමාන්‍යයෙන් නිවාඩු කියලා පුරුද්දක් තියෙන්නෙ පොඩි බ්‍රේක් එකක් දෙකක් තමයි. සාමාන්‍යයෙන් නම් දවස් පහකට වතාවක් සෙනසුරාදා ඉරිදා දවස් දෙක. ඒක ගෙවෙනව අසුරු සැනින්. සිකුරාදා රෑට නිදාගත්තම ඇහැරෙන්නෙ සෙනසුරාදා දවල්ට. ඇහැරිලා කාලා යාලුවො එක්ක එළියට ගිහින් ආවම සෙනසුරාදා ඉවරයි. ඉරිදට කිසිම ආතල් එකක් නැතුව සඳුදා හෙට නේද කියල හිත හිත බයෙන් ඉන්න වෙනව. ඊළඟට තරමක් දුරට යම් කියවීමක් තියෙන්නෙ නත්තල සහ වෙසක් පොහොය. ඒ කියලත් මහ වෙනසක් නෑ. හැබැයි අලුත් අවුරුදු නිවාඩුව එහෙම නෑ. දවස් කීපයක් අඩුම තරමෙ සෙට් වෙන නිසා(සෙනසුරාදා සහ ඉරිදාත් ගෑවුනොත් ඊටත් වැඩියෙන්) නින්දක් ගැහුවත් ගමනක් ගිහින් ආවත් ගිල්ටියක් නෑ හිතට. අනික ඔක්කොම ඉවර වෙලා ඔෆිස් යද්දි වුණත් හිතට තරමක නිදහසක් තියෙනවා. අවුරුදු උත්සව සහ අනෙකුත් ආතල් ටිකකුත් ඊටපස්සෙ පෙළ ගැහෙන නිසා හිතට තියෙන ආතල් එක වැඩියි.
රස විඳින්න
අපි කොච්චර සෞඛ්‍යාරක්ෂිතව ජීවත් වෙන්න උත්සාහ කළත් කෑම කියන්නෙ අපේ ජීවිතේට නැතුව බැරි හිතට සතුට දනවන දෙයක්. මේ කියන්න යන්නෙ අලුත් අවුරුද්දෙ අපිට විශේෂ ම දේ ගැන. ඒ තමයි බැලු බැලූ අත වගේම, යන යන තැන කෑම පිරිලා තිබීම. පැණි රස ජාති, කරස් ගාලා හැපෙන තෙලෙන් බැදුනු ජාති, වගේම අවුරුදු කාලෙට ගෙවල්වලට හදන විවිධ කෑම ජාතිත් බොහෝමයක් තියෙනවා. උදාහරණෙකට අලුත් අවුරුදු කාලෙට අම්මා හදන සිංහල අච්චාරුව වගේම ලුණුදෙහි දැමිල්ලත් එකම විදියෙ රස දෙන කෑම දෙකක්. මේ කෑම බොහෝමයක් අවුරුදු නිවාඩුවෙන් පස්සෙත් ගෙදර ගැවසෙනවා. මේ විදියෙ රස ආකරයක් තියෙන අවුරුදු කාලෙ කියන්නෙ මගහැරගත නොයුතුම ආතල් එකක්. ඒ වගේම එකම කැවුම වුණත් ගෙවල් ගොඩක හැදෙන්නෙ එකේක රසට. ඉතිං එකම රසේ රස ගොඩක් ඉතිරෙන කාලයක් විදියටත් අලුත් අවුරුද්ද හඳුන්වන්න පුළුවන්.
ෂොපින් ෆියෙස්ටා
මේ කියන්නෙ ෆැෂන් ගැන නෙමෙයි ෂොපින් ගැන. අලුත් අවුරුද්දෙ මේ ෂොපින් සතුට වැඩිවෙන්නෙ ඇයි කියලා අපි පසුවට පැහැදිලි කරන්නම්. අලුත් අවුරුද්දෙ හොඳම ආතල් අතරින් සුවිශේෂම එකක් තමයි ෂොපින් කියන්නෙ. ඇඳුම් පැළඳුම් විතරක් නෙමෙයි. කෑම ජාති, බීම ජාති ඇතුළු නොයෙක් දේ අලුත් අවුරුද්දෙදි සේල් වෙනවා. ඒ ෂොපින් ආතල් එක සතුටක් දෙන්නෙ ගෑනු හිතකට විතරක් නෙමෙයි. ඒ නිසා සිංහල හින්දු අලුත් අවුරුද්දෙ ෂොපින් ආතල් එක අපි හැමෝටමයි. ජාත්‍යන්තර සේල් පොලවල් වගේම, සාමාන්‍ය කඩවලත් සේල් සීන් එකක් තියෙන නිසා බොහෝවෙලාවට එළියට බැස්සොත් අලුත් දෙයක් ලාබෙට අරගෙන ගෙදර එන්න පුළුවන්.