සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

චෙච්නියානු හයිය

Akhmat විශේෂ බලකා ඒකකය යනු චෙචන් ජනරජයේ ප්‍රධානියාගේ ආරක්ෂාව ලෙස සේවය කරන රුසියාවේ චෙච්නියාවේ පැරාමිලිටරි සංවිධානයකි. Kadyrovtsy යන පදය චෙච්නියාවේ බහුලව භාවිතා වන්නේ චෙච්නියානු ජනරජයේ ප්‍රධානියා වන රම්සාන් කදිරොව්ගේ පාලනය යටතේ සිටින ඕනෑම සන්නද්ධ, වාර්ගික-චෙච්නියන් මිනිසුන් හැඳින්වීමටයි.නාමිකව ඔවුන් රුසියාවේ ජාතික ආරක්ෂක බලකායේ සාමාජිකත්වය උසුලයි.
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින්ට පක්ෂපාත වැග්නර්වරුන්නේ අනපේක්ෂිත කරණමත් එක්ක එලියට ආපු තවත් නමක් තමයි රම්සාන් කදිරොව්ගේ අක්මට් බලකාය කියන්නේ..
රොස්ටොව් නගරය අත්පත් කරගෙන ඉදිරියට ආපු වැග්නර් සෙබලුන්ට මුහුණ දිමට චේච්නියානු අක්මට්වරුන් සුදානමින් සිටි බවත් පසුගියදා අසන්නට ලැබුනා.
රම්සාන් කදිරොව් කියන්නේ කවුද අක්මට් බලකාය කියන්නේ මොකක්ද කියලා අද අපි හොයා බලමු..
අක්මට්ලාගේ අක්මුල් හොයාගෙන යනකොට අපිව නිරායාසයෙන්ම යොමු වෙන්නේ චෙච්නියාව දිහාවට..
චෙච්නියාව කියන්නේ උතුරු කොකේසියානු කලාපයේ පිහිටි වර්ග කිලෝමීටර් දා හත් දහස් තුන්සියයක වපසරියක් සහිත රුසියානු ෆෙඩරේෂනයට අයිති ජනරජයක්.
(වර්ෂ 1917 දි රුසියානු අධිරාජ්‍යය බිද වැටුනායින් පසුව ව්ලැද්මීර් ලෙනින් රුසියානු ෆෙඩරේෂනය තුල මෙවැනි ජනරජ විසි එකක් ඇති කල අතර 1922 වසරේදි⁣ මෙම කලාප විසි එකම සෝවියට් සමාජවාදි ජනරජයේ ස්වයංපාලන ඒකක (Autonomous Soviet Socialist Republic ) විදියට නම් කෙරුනා.)
තවත් සහෝදර ජනරජ කිපයක් වෙන දාගෙස්තානය ඉන්ගු⁣ශේටියාව සහ උතුරු ඔසෙටියාව උතුරු කොකෝසියානු කලාපයේ පිහිටලා තියෙන චෙච්නියාව තරම් අනෙක් ජනරජ එකක්වත් රුසියාවට අභියෝගාත්මක වුනේ නෑ.
1990 අවුරුද්දේ සෝවියට් දේශය බිද වැටිමත් සමගම චෙච්නියාව 1991 නොවැම්බරයේදි සිය ස්වාධිනත්වය ප්‍රකාශ කලා.
කටුක චෙච්නියානු යුද්ධ⁣ය ආරම්භයට පාර කැපුවේ මෙම සිදුවිමයි..
පලමු චෙච්නියානු යුද්ධ⁣ය 1996 වසරෙදි අවසන් වුනේ චෙච්නියානු බෙදුම්වාදීන්ට වාසි ගෙන දෙමින් වුනත් ඉන් පසුව චෙච්නියාවේ අභ්‍යන්තරය බොහෝම අස්ථාවර වුනේ එහි සිටි බහුතර සටන්කාමින් වහාබ්වාදය සහ ජිහාද්වාදය මුල් කර ගැනිම නිසා..
මේ හේතුව නිසා චෙච්නියාවේ සිටි කැපි පෙනෙන ගරිල්ලා නායකයෙක් වුන අහ්මද් කදිරොව් සිය පක්ෂපාතිවය රුසියාවට හිමි වෙන බව ප්‍රසිද්ධියේ කියා සිටියා.
ඒත් එක්කම ආරම්භ වුන දෙවන චෙච්නියානු යුද්ධයෙන් නැවතත් රුසියාව චෙච්නියානු භුමිය තුල සිය බලය තහවුරු කර ගැනිමත් එක්කම අහ්මඩ් කදිරොව් 2003 ඔක්තොබර් පස්වැනිදා චෙච්නියානු ජනාධිපති පුටුවේ වාඩි වෙන්නේ ව්ලැද්මීර් පූටින්ගේ පුර්ණ ආශිර්වාදය ඇතිව..
කෙසේ වෙතත් 2004 මැයි මාසයේ නමවැනිදා චේච්නියානු අග නගරය වෙන ග්‍රොස්නි නුවර පැවැත්වුන දෙවන ලෝක යුද්ධයේදි රුසියාව ජර්මනිය පරාජය කිරිම සැමරිම⁣ට පැවැත්වුන ආචාර පෙලපාලියක් අතරතුරදි සූක්ෂමව අටවපු බෝම්බයක් පුපුරා යාමෙන් අහ්මඩ් කදිරොව් ඝාතනයට ලක් වෙනවා..
රම්සාන් කදිරොව් කියන්නේ අහ්මඩ් කදිරොව්ගේ පුත්‍රයා.තම පියා මිය යනකොට ඔහුගේ වයස අවුරුදු විසි අටක්.
චෙච්නියානු ව්‍යවස්ථාවට අනුව ජනාධිපති තනතුර දැරිමේ අවම වයස අවුරුදු තිහක් විම නිසා තවත් දෑවුරුද්දක ඇවෑමෙන් 2007 පෙබරවාරි 15 වැනිදා රම්සාන් කදිරොව් ජනාධිපති වෙන්නේ සිය පියා ව⁣ගේම ව්ලැද්මීර් පූටින්ගේ සහය ඇතිව..
රුසියානු හමුදාවේ තරු හතරේ ජනරල්වරයෙකු විදියට කටයුතු කරන රම්සාන් කදිරොව් 2015 අවුරුද්දේ ඉදලා රුසියානු ෆෙඩරේශන කවුන්සිලයේ උපදේශක කමිටු සාමාජිකයෙක් විදියටත් කටයුතු කරන්නේ ඔහු හා පුටින් අතර ඇති සමිප සබදතාවය පෙන්වමින්..
රම්සාන් කදිරොව් ගැන දේවල් කිපයක් දන්න නිසා දැන් අපි අක්මට් බලකාය දෙසට හැරෙමු.
වර්තමානයේදි 141 වැනි වි⁣ශේෂ යාන්ත්‍රික රෙජිමේන්තුව එහෙම නැත්තම් කදිරෝවයිට්ස් (Kadyrovites) විදියට හැදින්වෙන අක්මට් බලකාය කියන්නේ චෙච්නියානු පැරා මිලිටරි ඒකකයක්.
මෙහි නිර්මාතෘ වුන නැසි ගිය අහ්මඩ් කදිරොව්ගේ පුද්ගලික ආරක්ෂක ඒකකය විදියට ආරම්භ වුන මෙම බලකායේ වර්තමාන සමාජික සංඛ්‍යාව දොලොස් දහසක් පමණ වෙනවා..
සිය පියා⁣ගෙන් පසුව කදිරෝවයිට්ස්වරුන්⁣ගේ නායකයා වුන රම්සාන් කදිරොව් 2006 අප්‍රේල් 29 දින මෙම පුද්ගලික ආරක්ෂක ඒකකය විසිරුවා හැරිමත් සමග එයින් සමහර දෙනෙක් චෙච්නියානු රජයේ ආරක්ෂක අංශ සමග එක් වුනත් වැඩි පිරිසක් සිටියේ අර්ධ නිත්‍යානුකූල පැරා මිලිටරි සෙබලුන් ලෙසයි..
පසුව අක්මට්වරුන් නැවතත් ආයුධ අතින් සන්නද්ධ කර සක්‍රිය කිරිමක් සිදුවන්නේ පෙර ඔවුන් සතුව නොතිබු සන්නාහ සන්නද්ධ රථ පවා ප්‍රධානය කරමින්..
2015 දි ජනාධිපති ව්ලැද්මීර් පූටින් රුසියානු දේශ සිමා මායිම් ආරක්ෂා කිරිම,රජයේ මර්මස්ථාන ආරක්ෂා කිරිම,ත්‍රස්තවාදී කටයුතු වලට එරෙහිව සටන් කිරිමට පිහිටවපු රුසියානු ජාතික ආරක්ෂක ඒකකයට (National Guard of Russia) මෙම බලකායත් අන්තර්ග්‍රහණය වෙන්නේ 46 වැනි මෙහෙයුම් බ්‍රිගේඩයේ එක් පාර්ශ්වයක් විදියට..
වර්තමානයේදි මෙම යාන්ත්‍රික බ්‍රිගේඩය පහත සන්නද්ධ රථවලින් සමන්විතයි
BMP 1 P,BTR-82-A වැනි පාබල සන්නද්ධ රථ
BRDM 2 සන්නහ සන්නද්ධ රථ
K-53949 Typhoon-K වැනි බිම් බෝම්බ වල⁣ට ඔරොත්තු දෙන රථ
Zibar Mk.2 සැහැල්ලු ප්‍රහාරක රථ
2014 ඉදලම ක්‍රිමියාවේ සහ ඩොන්බාස් කලාපයේ මෙහෙයුම් වලට එක් වෙලා සිටි මේ බලකාය 2022 පෙබරවාරි 26 වැනිදා ඉදලා වර්තමාන යුක්රේන ආක්‍රමණ සඳහා සහභාගි වෙනවා.
විශේෂයෙන්ම යුක්රේන ආරක්ෂක හමුදා ප්‍රධානින් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරිම ඔවුන්ට පැවරි ඇති ප්‍රධාන රාජකාරි අතරින් එකක්.
යුක්රේන බුද්ධි වාර්තා වලට අනුව යුක්රේන ජනාධිපති වොලදමීර් සෙලෙනේස්කිව ගිය වසරේ මාර්තු මාසයේදි අවස්ථා තුනකදි ඝාතනය කිරිමට තැත් කරලා තියෙනවා..
ඒ සැම උත්සහයක් පිටුපස ඉදලා තියෙන්නේ අක්මට්වරු බවයි යුක්රේනය චෝදනා කරන්නේ..
පසුගිය ජූනි දොලොස්වැනිදා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අක්මට් බලකාය සමග ගිවිසුමකට එලඹෙන්නේ ඩොන්යෙට්ස් කලාපයේ මරින්කා නගරය ආශ්‍රිතව නව රුසියානු ක්‍රියාත්විත වලට සහභාගි වීමට කැමැත්ත පල කරමින්..
ඒ ප්‍රිගෝසින් විසින් එම කොන්ත්‍රාත්තුව ප්‍රතික්ශේප කරන ලද පසුබිමකයි..
මැතකදි යුක්රේන දේශසිමා මායිමේ පිහිටි බෙල්ගොරොද් නගරයට යුක්රේන කැරලිකරුවන් ප්‍රහාර කිහිපයක් එල්ල කිරිමෙන් පසුව එම කලාපයේ ආරක්ෂාවටද අක්මට් බලකාය කැදවා තිබෙනවා..
චේච්නියානු යුද්ධය තුලදි ගරිල්ලා සටන් ක්‍රම ප්‍රගුණ කරපු මෙම බලකාය දක්ෂ ප්‍රහාරක ඒකකයක් විදියට සැලකෙන නිසාත් රම්සන් කදිරෙව් සහ රුසියාව අතර.ඇති සමිප සම්බන්ධ නිසාත් ව්ලැද්මීර් පූටින් අක්මට්වරු ගැන සෑහෙන විශ්වාසයක් තියෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ..

Tags