සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

ඔබට ජංගම දුරකථනයක් තවදුරටත් උවමනා නොවේවි ද​? humane AI pin (Video)

අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ humane සමාගමෙන් හඳුන්වලා දීල තිබෙන අපූරු උපාංගයක් පිළිබඳව​. එය ඔවුන් නම් කරලා තිබෙන්නේ AI Pin වශයෙන්. නමේ සඳහන් විදිහටම මෙම උපකරණය AI තාක්‍ෂණයෙන් බලගැන්විලා තිබෙනවා සහ එය ඔබට පැළඳ ගැනීමට නැතිනම් (Pin) කර ගැනීමටත් හැකියාව තිබෙනවා. Tech news වාර්තා කර තිබෙන ආකාරයට මෙම උපකරණය නිපදවලා තිබෙන්නේ ලෝ ප්‍රකට ඇපල් සමාගමේ කටයුතු කරපු සේවකයන් දෙදෙනෙක් විසින්. AI Pin, personal AI assistant කෙනෙකු වශයෙන් භාවිතා කිරීමට අවස්ථාව සලසා දීම තමයි නිර්මාණකරුවන්ගේ මූලිකම අභිප්‍රාය වෙලා තිබෙන්නේ.

මෙම උපකරණයේ features ලෙසට​ Laser link display, AI Voice assistant, AI Voice translation, AI Messaging සහ​ Capturing ආදිය ඇතුලත් වනවා. මේ වන විට මෙම උපකරණය අලෙවි කරනු ලබන මිල වශයෙන් දක්වා ඇත්තේ $699ක් සහ pre order කර මිලදී ගත හැකි බවත් humane සමාගම සඳහන් කරනවා. පහත දැක්වෙන පූර්ව ප්‍රචාරක පටයෙන් AI Pin පිළිබඳව ඔබට වැඩිදුර විස්තර දැකබලා ගැනීමට හැකියාව තිබෙනවා. 

Tags