සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

විනෝද චාරිකා පැමිණි පසු තම තැන පෙන්වමින් Selfie උඩුගත කරන්න එපා – පොලීසිය නිවේදනය කරයි.

පොලිස් නිවේදනය: විනෝද චාරිකා සහ විවිධ චාරිකාවන් සඳහා පිටත් වීමෙන් පසු ස්ථානය පෙන්වමින් Selfie උඩුගත කිරීමෙන් වළකින්න.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ, විනෝද චාරිකා, වන්දනාමාන සහ වෙනත් චාරිකා සඳහා පිටත් වීමෙන් පසු තම ස්ථානය සමාජ මාධ්‍ය හරහා පළ කිරීමෙන් වළකින ලෙසයි.

එම Selfie පින්තූර සහ තොරතුරු ඔබ පසුපසින් එන අපරාධකරුවන්ට හෝ ඔබගේ නිවස පිළිබඳ විපරමින් සිටින පුද්ගලයන්ට වාසි සහගත තොරතුරු ලබා දිය හැකි බව ඔහු පැහැදිලි කළේය.

සුහුරුපාය, බත්තරමුල්ල පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාස ශ්‍රවණාගාරයේදී අද (11) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මෙම අවදානම පිළිබඳ අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, විනෝද චාරිකාව සඳහා තෝරාගන්නා වාහනය, රියදුරා සහ වාහනයේ තත්ත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබීමද ඉතා වැදගත් බවයි.

Tags