සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කරයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල වැඩි කර තිබේ

මෙම මිල වැඩිකිරීම 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට කියාත්මක වන බව සඳහන් වෙයි.

ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 55 කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 176 කි.

සුපර් ඩීසල් මිල රුපියල් 95 කින් වැඩි කර ඇති අතර ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 254ක් ලෙසය.

පෙට්‍රෝල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 254 ක් වන අතර එහි මිල වැඩිවීම රුපියල් 77 කි.

පෙට්රෝල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 76 කින් වැඩිකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 283 කි.

එය මෑත ඉතිහාසයේ මෙරට ඉන්ධන මිල එකවර වැඩිකළ පළමු අවස්ථාව වෙයි.

Tags