සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ඉන්දියාවේ සිදුවූ ගුවන් අනතුර ගැන ශ්‍රී ලංකාව ශෝකය පළ කරයි

අහ්මදාබාද් හිදී සිදුවූ එයාර් ඉන්දියා ගුවන් අනතුරින් ජීවිත රැසක් අහිමි වීම ගැන ශ්‍රී ලංකාව දැඩි කම්පනයට හා කණගාටුව පත් වූ බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මෙම ඛේදජනක සිදුවීමෙන් විපතට පත්වූවන්ගේ වියෝ වූ පවුල්වල සාමාජිකයින්ට අපගේ හෘදයාංගම ශෝකය පළ කරමු යනුවෙනි.

ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් අද (12) පස්වරුවේ මෙලෙස බිහිසුණු අනතුරකට ලක්වුණා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ගුවන් ගතවීමේදී මෙම අනතුර සිදුව තිබූ බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ දී ගුවන් යානයේ මඟීන් 240කට වැඩි පිරිසක් සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

Tags