සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ඉන්ධන පිරවුම්හල්වල සිදු වන කළහකාරී සිද්ධීන් වීඩියෝ ගත කරන්නැයි පොලිස් මුලස්ථානයෙන් උපදෙස්

ඉන්ධන පිරවුම්හල්වල සිදු වන කළහකාරී සිද්ධීන් වීඩියෝ ගත කරන ලෙසට එම ස්ථානවල රාජකාරීවල නිරත පොලිස් නිලධාරීන්ට පොලිස් මූලස්ථානය උපදෙස් ලබාදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ එම වීඩියෝ පට උපයෝගී කර ගනිමින් කළහකාරී සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවයි.
දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පොලිස් නිලධාරීන් පන්දහස් පන්සියකට ආසන්න පිරිසක් රාජකාරී සඳහා අනියුක්ත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Tags