සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිගේ පොහොට්ටු සාමාජිකත්වය අත්හිටුවයි

ගාල්ල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නියෝජ්‍ය නගරාධිපති ලෙස පත් වූ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.

එම පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්.

තවද ඒ මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද අදාළ නිවේදනය මඟින් දන්වා තිබෙනවා.

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධව පක්ෂය විසින් දැනුවත් කර තිබී ඇති බවද වාර්තා වනවා.

එම නිවේදනයේ දැනුම් දී ඇත්තේ එවැනි පසුබිමක පක්ෂයේ උපදෙස්වලට පටහැනිව ඡන්ද විමසීමේ දී කටයුතු කර ඇති බවත්, මේ තුළින් නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ප්‍රියන්ත ගොඩගම මහතා තේරී පත්ව ඇති බවත්ය.

මේ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවද අදාළ නිවේදනයේ සඳහන්.

එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පක්ෂයේ හොබවන සියලු තනතුරු සහ වගකීම් සම්බන්ධයෙන් ඇති අයිතිය ද අහිමි වන බවයි.

Tags