දේශීය පුවත්
බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයට අදාළව සිදු කරන තවත් මුදල් ජාවාරමක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්රියාත්මක කරනු ලැබූ TIN අංකයට අදාළව සිදු කරන බැංකු කටයුතු සඳහා බව පවසමින් සිදුකරගෙන යනු ලබන ජාවාරමක් පිළිබඳව හෙළිදරව් වී තිබෙනවා.
මෙම ජාවාරම්කරුවන් රාජ්ය බැංකුවක කාර්ය මණ්ඩල සාමාජිකයන් ලෙස පෙනී සිටිමින් දුරකථනයෙන් අමතා එම ගණුදෙනුකරුවන්ගේ සත්යාපන කේතය නැතහොත් OTP ලබා ගෙන ඇතැයි වාර්තා වනවා.
එසේ ගිණුම් තුළට ඇතුළු වී ගණුදෙනුකරුවන්ට අයත් මුදල් ලක්ෂ ගණනින් මෙම පිරිස් විසින් ජාවාරම් කරනු ලබන බවයි පොලීසිය සඳහන් කරන්නේ. එනයින් බාහිර පාර්ශවයන්ට ඔබගේ බැංකු ගිණුම් වලට අදාළ තොරතුරු ලබා දීම සිදු නොකරන ලෙසටයි පොලීසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.