දේශීය පුවත්
සමනල වැව ජලාශයේ කාන්දුව හේතුවෙන් ලංවිම පාඩුව රුපියල් බිලියන 2.7ක්

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉහළ පෙළ ඉංජිනේරුවෙකු විසින් පවසා ඇති ආකාරයට සමනල වැව ජලාශයෙන් වාර්ෂිකව ජලය ඝන මීටර් මිලියන 78ක් කාන්දු වන බවට දක්වා තිබේ. සමනළ වැව විදුලිය උත්පාදනය සඳහා යොදාගන්නා වූ ජලාශයක් හේතුවෙන්, මෙම කාන්දුව නිසා ලංකා විදුලි බල මණ්ඩලයට අහිමි වන ආදායම රුපියල් බිලියන 2.7කි. ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජලාශයේ පවතින ජල මට්ටම අනුව ජලය කාන්දු වීමේ වේගය ද වෙනස් වන බවයි.
ලංවිම සහකාර සාමාන්‍යාධිකාරී ධම්මික නවරත්න මහතා සඳහන් කර සිටින්නේ දැනට නිරාවරණය වී ඇති කාන්දු වීම් සඳහා මඩ සහ පස් යොදා ගෙන පිරවීමට කටයුතු කරන බවත් ජල මට්ටම පහල ගිය පසු ඵලදායි ලෙස එම ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට යොමු වන බවත් ය. මීට පෙර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ ජලාශයේ ස්ථාන කිහිපයකින් ජලය කාන්දු වන බවත් වැඩි ජල ප්‍රමාණයක් සංරක්‍ෂණය කර ගැනීම සඳහා එම ස්ථාන යථාවත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් ය.
ඔහු විසින් වැඩිදුරටත් දක්වා තිබුණේ කාන්දු වන ජලය කෘෂිකාර්මික හා කුඩා ජල විදුලි උත්පාදන කටයුතු සඳහා යම් පිරිස් භාවිතා කරනු ලබන බවයි.