දේශීය පුවත්
ශ්‍රී ලංකා ධීවර සංස්ථාව නිසි අනුමැතියකින් තොරව සිදුකළ මත්ස්‍ය ආනයනයක්.

ශ්‍රී ලංකා ධීවර සංස්ථාව විසින් නිසි අනුමැතියකින් තොරව සිදුකළ මත්ස්‍ය ආනයනයක් සම්බන්ධව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා විසින් මාතර ප්‍රදේශයේදී ඊයේ (14) අදහස් දක්වනු ලැබුවා.
“අන්න කොළඹ වරායෙ ගොඩගහල තියෙනවා චීනෙන් මාළු ගෙන්නල. කොප්පරා 3000kg ක් ගෙන්නල තියෙනවා. තලපත් 9915kg ක්. කොච්චර ද වටිනාකම? එක් කෝටි හැටහතර ලක්‍ෂ හතලිස් හත්දාස් එකසිය විසි එකක ගෙනල්ල කොළඹ වරායෙ හිර වෙලා තියෙනවා. මොකද අදාළ procedure එකට නෙවේ වැඩේ කරල තියෙන්නේ. අපි ධීවරයොන්ගෙන් අහන්නේ, ඔයාලා අල්ලන් නැද්ද මේ මාළු? ඇයි මේ මාළු ගන්නැත්තේ? ඔයාලා ඇල්ලුවට වැඩක් නෑ. අමාත්‍යංශයෙ ලොක්කොන්ට හම්බෙන් නෑ මේකෙන් ගානක්. දැන් මොකද කරන්නේ, වරායෙන් නිදහස් කරගන්න විදිහක් නෑ.”
“ධීවර ප්‍රජාව ඔබ හම්බ කරල දෙන සල්ලි, මේ රටේ ධීවර සංස්ථා සේවකයො හම්බ කරල දෙන සල්ලි. ඔබේ මාළු වලට වටිනාමකමක් නැහැ. ඔබේ මාළු ටික කුණු වෙනවා. රටෙන් චීනෙන් මාළු ගෙන්නනවා. ධීවර සංස්ථාවේ බලධාරීන්ට අපි කියන්නේ, අපේ ගාව තොරතුරු තියෙනවා. දැන් මේක වෙනත් උපක්‍රම පාවිච්චි කරල නේද ගන්න හදන්නේ? මේකට අදාළව ඉන්න රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහත්තයට කියන්නේ, ඒ වගේම සංස්ථාවේ සභාපතිවරයාට අපි කියන්නේ. අතයට ගේම් ගහන්න සූදානම් වෙන්න එපා. මේකට එරෙහිව කටයුතු කරන්න අපි සූදානම්.”
“අපේ ධීවර ප්‍රජාව අළුත් මාළු ටික අල්ලල දෙනවා. හැබැයි අපේ රෝහල් පද්ධතියට දෙන්නේ නැහැ. චීනෙන් ගෙන්නන මාළු දෙයි. මේවගෙ තියෙන්නෙ අතයට ගේම්. විෂය භාර ඇමතිවරයාට, සංස්ථා සභාපතිවරයාට කියන්නේ පැය 24ක් ඇතුළත උත්තර ඕනෙ මේකට.”