සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

නිපා (Nipah) වෛරසය පිළිබඳ අවධානයෙන් පසුවන්න​. – ලෝක සෞඛ්‍ය සංවිධානය

නිපා (Nipah) වෛරසය මූලිකවම සතුන්ගෙන් මිනිසාට බෝවෙන (Zoonotic) බවට සොයාගෙන ඇති අතර මෙය මුල්වරට හඳුනාගෙන ඇත්තේ 1999 වසරේ මැලේසියාවේ ඌරු ගොවිපළවල කටයුතු කල පිරිසක් අතර පැතිරගිය අවස්ථාවේදී බවට සඳහන් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් (WHO) අනතුරු අඟවා ඇති ආකාරයට මෙම වෛරසය වවුලන්ගෙන් සහ ඌරන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී ඉන්පසු ව්‍යප්ත වන බවට දක්වා ඇත​.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙන පරිදි මෙම වෛරසය මේ වන විට​ ඉන්දියාව, බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවල ව්‍යාප්ත වී ඇත​. දැනට පවත්නා විද්‍යාත්මක දත්ත අනුව දැක්වෙන්නේ මෙම රෝගය මිනිසෙකුගෙන් මිනිසෙකුට එතරම් පහසුවෙන් පැතිර නොයන බවය.

රෝගී අයෙකුගේ ශරීර තරල සහ මළ මූත්‍රා මගින් එය බෝවීමට ඉඩ තිබෙන අතර බොහෝවිට එලෙස ආසාදනය වී තිබෙන්නේ රෝගියාට ඉතාම සමීපව කටයුතු කල පුද්ගලයන්ට බවද​ සඳහන් වේ.‍ වෛරසය සිරුරට ඇතුලු වී දින 4 – 14 ත් අතර කාලයක දී උණ, හිසරදය, මස් පිඬු වේදනාව, වමනය සහ​ උගුරේ වේදනාව වැනි මූලික රෝග ලක්‍ෂණ ඇතිවන බවත් හඳුනාගත් රෝගීන්ට රෝග ලක්‍ෂණ අනුව ප්‍රතිකාර කිරීම සාමාන්‍ය ක්‍රමවේදය බවත් සඳහන්‍ ය​.

“නීපා” වෛරසය පැතිර යන ආකාරයට අදාළ දළ රූප සටහනක්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ පවතින වත්මන් සෞඛ්‍ය ගැටළු හමුවේ අවධානයෙන් පසුවීම සහ හැකිතාක් සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රියාපිළිවෙත් අනුගමනය කිරීම සඳහා කටයුතු කිරීමට වග බලා ගැනීම ඔබගේත් අන්‍යයන්ගේත් ආරක්‍ෂාව සඳහා රුකුළක් වනු ඇත​.

Tags