සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කෙරෙයි.

ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන පංච පුද්ගල කොමිෂන් සභාවක් මගින් සමාජ මාධ්‍ය ඇතුළු සියලුම මාර්ගගත, (online) ප්‍රකාශන මර්ධනය කිරීමට අදාළ නව නීති පැනවීමට රජය සූදානමින් පසුවන අතර​ ඊට අදාළව සම්මත කර ගැනීමට සූදානම් වන පනත් කෙටුම්පත ඊයේ දිනයේදී (19) ප්‍රකාශයට පත් කර තිබේ.

එම කෙටුම්පතට අනුව ජනාධිපතිවරයා පත් කරන කොමිසමේ නියෝග මත සමාජ මාධ්‍ය ගිණුම් ඇතුළු ඕනෑම ඔන්ලයින් ප්‍රකාශනයක් අවහිර කිරීමටත් එම ප්‍රකාශන සම්බන්ධයෙන් සිර දඩුවම් නියම කිරීමටත් නීති පැනවීමට යෝජනා කර තිබේ.  මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ නියමය අනුව, මාර්ගගත (Online) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ  පනත් කෙටුම්පත ගැසට් කර ඇති අතර​ එහි ආරම්භයෙහිම සඳහන් වන ආකාරයට එමගින් අපේක්‍ෂිත අරමුණු කිහිපයකි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම, යම් සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ​ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම, තහනම් කාර්යයන් සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණූම් භාවිත කිරීම වැළැක්වීම, තහනම් කාර්ය සඳහා භාවිත කෙරෙන මාර්ගගත ස්ථාන හඳුනා ගැනීම​ සහ අසත්‍ය ප්‍රකාශ සඳහා මුදල් සහ අනෙකුත් ආධාර සැපයීම වැළැක්වීම​ ඒ අතර වේ.

කෙටුම්පතේ සඳහන් ආකාරයට අසත්‍ය ප්‍රකාශයක් යන්න අර්ථ දක්වා ඇත්තේ පහත පරිදිය​.

කෙටුම්පතට අනුව මාර්ගගත ගිණුමක් හඳුන්වා ඇත්තේ පහත පරිදිය​.

ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන පංච පුද්ගල කොමිෂන් සභාවක් යෝජිතව ඇති අතර  එහි සාමාජිකයෙකුගේ ධුර කාලය වසර තුනකි. කොමිසම විසින් අසත්‍ය ප්‍රකාශයක් යැයි තීරණය කලහොත් එම ප්‍රකාශය​, එම ප්‍රකාශය සිදු කල මාර්ගගත ගිණුම පවත්වාගෙන යන ස්ථානය තහනම් කිරීම​, නඩු පැවරීම මෙන්ම සිර දඩුවම් නියම කිරීමටද අවස්ථාව හිමි වේ. මෙම කොමිෂන් සභාවට විරුද්ධව කිසිදු සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට නොහැකි අතරමඅන්තර්ජාලය හරහා සිදුකරන ක්‍රියාකාරකම් රැසක්  වැරදි වශයෙන් මෙම පනත් කෙටුම්පත මගින් අර්ථ නිරූපනය කර තිබේ.

  • ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම
  • අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම 
  • අසත්‍ය ප්‍රකාශ මගින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම 
  • අසත්‍ය ප්‍රකාශ මගින් ආගමික් රැස්වීමකට බාධා කිරීම 
  • ආගමික හැඟීම්වලට රිඳවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම 
  • ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම 
  • වංචා කිරීම 
  • අනෙකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම 
  • සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මගින් චේතනාන්විතවම නින්දා කිරීම 
  • කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදුකිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම 
  • හිරිහැර සිදුකිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම
  • ළමා අපයෝජන 
  • වරදක් සිදු කිරීම සඳහා බොට් සෑදීම හෝ වෙනස් කිරීම

ගැසට් කරන ලද අදාළ පනත් කෙටුම්පත පහතින්:

 

Tags