Movie Review
Beckett (2021) චිත්‍රපටියේ කතාව සිංහලෙන්

2021 අවුරුද්දේ තිරගත උන මෙම චිත්‍රපටය Action , Drama, Thriller ගණයට අයත් චිත්‍රපටයක් වන අතර මෙයට IMDb දර්ශකයේ 5.7 අගයක් ලැබී තියෙනවා ,
වැඩි කතා නැතුව චිත්‍රපටියේ කතාව පැත්තට හැරෙමු
මෙම චිත්‍රපටය ගෙතෙන්නෙ පෙම්වතිය සමඟ ග්‍රීසියේ සංචාරයකට අපු බෙකෙට් කියන කළු ජාතික තරුණය වටා , මේ බෙකෙට් තම පෙම්වතිය සමඟ ග්‍රීසියට එන්නේ ග්‍රීසියට කාලයක නම් නෙමේ , පේන විදියට පොඩි දේශපාලනයමය අර්බුදකාරී තැනක ග්‍රීසිය තියෙන කාලයක්. මේ අර්බුද කාරී තත්වය අස්සේ බෙකට් සහ පෙම්වතියට ආරංචි වෙනවා මෙගොල්ලෝ නවාතැන් ගනිමින් ඉන්න ග්‍රීසියේ ඇතන්ස් නුවර හෝටලය ළග ලොකු උද්ගෝෂණයක් පැවැත්වෙන්න නියමිතයි කියල , ඉතින් මේ උද්ගෝෂණ ගෝෂා වලින් මිදෙන්න හිතාගෙන පටිසර පළාතකට යන්න මේ දෙන්න තීරණය කරනවා. ඉතින් මේ යන ගමනේදී බෙකට් වාහනය පදවද්දී නින්ද ගිහිල්ල මේ දෙන්න දරුණු රිය අනතුරකට ලක් වෙනවා, මේ දෙන්න යන වහනය ප්‍රපාතයකට පෙරලිලා ගිහින් නවතින්නේ පලු ගේක කඩා ගෙන ඇතුලට ගිහිල්ලා , බෙකට් සිහිසුන් වෙන්න කලින් එයට මේ ගේ ඇතුලේ පොඩි පිරිමි ළමයෙකුගේ සහ කාන්තාවකගේ අපැහැදිලි චායාවක් දකින්නට ලැබෙනවා , අනතුරින් වූ තුවාල වලට ප්‍රතිකාර අරගත්තට පස්සේ ප්‍රාදේශීය පොලිසියට යන බෙකට් ට ලැබෙන ආන්චිය නං එච්චර හොද එකක් නෙවේ, කොහොමින් කොහොමින් හරි බෙකට් ට ඕනේ වෙනවා ආ අනතුර වෙච්ච ගෙදරට ගිහින් බලන්න එය එඅ ගේ හොයන යද්දී බෙකෙට්ට වෙන්නේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ වැඩක් , ඒ ගෙදර හිටපු ගැහැනියක් සහ පොලිස් නිලදාරියෙක් බෙකෙට්ට දිගට හරහට වෙඩි තියෙනවා, ඒ මොකෝ ඒ , ඒක දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා , ඒ විතරක් නෙවේ කවුද අර පිරිමි ළමය, ඇයි බෙකෙට්ට මේ මිනිස්සු වෙඩි තියන්නේ, මේ දේවල් දන ගන්නත් ඔයාට දිගටම ෆිල්ම් එක බලන්නම වෙනවා, මේක මුල සිට අගටම කුතුහලයෙන් පිරුණු ෆිල්ම් එකක් වෙයි අනිවාරෙන්ම