සොයන්න
උණුසුම් පුවත්

Movie Review

Blood and Bone 2009 චිත්‍රපටයේ කතාව සිංහලෙන්

Blood and Bone (2009)

අද මම ඔයාලට අරගෙන ආවේ 2009 අවුරුද්දේ තිරගත උන action සහ martial art ගණයට වැටෙන ඉංග්‍රීසි චිත්‍රපටයක් ,
ඇමෙරිකානු ඩොලර් $3,700,000 මුදලක් වියදම් කර නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය 6.7/10ක IMDb rating අගයක් ලබා ගැනීමට සමත් උනා.
අපි දැන් කතාව පැත්තට හැරෙමු.

මේ කතාව ගොඩ නැගෙන්නේ “බෝන්” කියල fighter කෙනෙක් මුලික කරගෙන , මුල්ම දර්ශනය හිරගෙයක් ඇතුලේ තමා අපිට පෙන්නනේ එතැනදී අපේ කතාවේ කථා නායකයා එහෙමත් නැත්තන් බෝන් ව මරන්න ආපු සෙට් එකටම මදි නොකියන්න නෙලපු බෝන් මෙන්න මෙහෙම කතාවක් කියනවා
“මේ බිත්ති වලින් පිටිපස්සෙ ඉන්න හැම පාහරයෙකුටම උඹල කියන්න ඕනෙ..මගෙත් එක්ක සවුත්තු වැඩ කරන්න
හිතාගෙන ඉන්න අදහස අයින් කරගන්න කියල.”

ඊට‍ පස්සේ කොටසින් පොඩ්ඩක් කතාව වෙනම පැත්තකට හැරෙනවා , අපේ කතා නායකයා කාමරයක් කුලියට දෙන දැන්වීමක් දැකල ඒ ගෙදරට යනවා කාමරයක් ඉල්ලගන්න එතනදී එයාට මුණ ගැහෙනවා මහලු මනුස්සයෙකුයි ළමයි බලාගන්න කාන්තවකුයි , ළමයි ටිකකුයි , හැබැයි එතන හැම වෙලේම ජනේලේ දිහා බලන් ඉන්න ළමයෙකුත් බෝන් ගේ ඇහැ යනවා, ඒ ගෙදර ළමයි බලාගන්න කාන්තාව (දරුවන්ගේ මව) කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරනවා

“මැර චරිත බෑ, තුවක්කු බෑ,
ශබ්දය වැඩි කරල සිංදු අහන්න බෑ… ඒ වගේම පිට ගෑනුන්ව ඇතුළට ගන්න බෑ.
ඒක හින්ද සමහර විට මේක ඔයා හොයන විදිහෙ
තැනක් නොවෙන්නත් පුලුවන්.”

ඒකට අපේ බෝන් දෙන පිලිතුර තමා
“ඒකෙන් පෙනී යනවා
මම හොයාගෙන ආපු නියම තැන මෙතන කියල. ”

අර මුලින් කියපු හිර ගෙදර ඇතුලේ පෙන්නපු සිද්දයත් එක්ක මේ ප්‍රතිචාරය පොඩ්ඩක් පුදුමයි නේද ?
මුලින් පොඩි චන්ඩි චරිතයක් කියල අපි හිතන් හිටපු කෙනා එ වගේ දෙයක් කිව්වම

Pinball
කවුද මේ pinball ? Pinball කියන්නේ විදි සටන් කරුවකු සටන් සදහා ඉදිරිපත් කරලා එයා වෙනුවෙන් ඔට්ටු දාල කියක් හරි හොයාගන්න ජාතියේ dial එකක්, මුලින්ම චිත්‍රපටයේ මෙය පෙන්නන්නේ එහෙම ඔට්ටු දාන වීදි සටනකට ඉදිරිපත් වෙලා ඉන්න අවස්ථාවක්, හැබැයි මෙයාගේ සටන් කාරය HAMMER කියල සටන්කරුවෙක් ගෙන් මදි කොකියන්න කනවා , පස්සේ “අස්සයා මැරිච්ච කවුබෝයි වගේ”, සමාවෙන්න සටන් කාරය මැරිච්ච ඔට්ටු කරය වගේ Car එකට වෙලා ඉද්දි එතනින් අපේ වීරයා බෝන් මතු වෙනවා , ඇවිල්ල කියනවා ඔබට දැන් සටන් කරුවෙක් අවශ්‍යයි , මම ඒ සදහා ඉදිරිපත් වෙන්නන්(හිරෙන් අවට පස්සේ සල්ලි කියක් හරි ඕනේ වෙලා වගේ , එහෙම තම මට නං මුලින්ම හිතුනේ ) , Hammer ට challenge කරන්න කියල , නමක් ගමක් දන්නැති බෝන් ව එකපාරට Hammer එක්ක සටනකට දන්න pinball අකමැති වෙනවා, ඊට කලින් නමක් හදාගන්න ඕනේ කියල කියපු pinball පොඩි පොඩි විදි සටන් වලට බෝන් ව යොමු කරවනවා

James
මේ කතාවේ තවත් එක ප්‍රධාන චරිතයක් තමා එයත් අර pinball වගේම විදි සටන් කරුවට ඔට්ටු දාන කෙනෙක් , එත් මෙය pinball ට වඩා සල්ලි කාරයෙක් වගේම ඊට වැඩ මහා දරුණු චරිතයක්, අර අපි කලින් කියපු Hammer කියන සටන් කරුවාගේ අයිතිකාරයා තමා James ,මිනිහ මේ pinball ගැනයි අපේ බෝන් ගැනයි ඇහැ ගහගෙන මයි ඉන්නේ.

ඇන්ජෙලා සෝටෝ
මෙයා තමා James ගේ සුරූපී බිරිඳ , (මුලින්ම මමත් එහෙමයි හිතන් හීටීයේ ) මෙයා දිහා ඇහැක් ඇරලා බලනවට James කැමති නෑ , එහෙම කරපු කෙනෙක්ව පන පිටින් නොතිය ඉන්නත් james වග බලාගත්ත

කතාව මෙහෙම දිග ඇරෙද්දි අපේ බෝන් නගරේ ඉන්න වීදි සටන් කරුවෙක්ටම හොදටම නෙලලා සැහෙන්න place එකක් අරන් වගේම පින්බල්ල් සැහෙන්න සල්ලි කාරයෙකුත් වෙනවා ඊටපස්සේ තමා හොදම හරිය pinball බෝන් ට පොරොන්දු වෙච්ච විදියටම james ගේ fighter එහෙමත් නැත්තන් Hammer ට challenge කරනවා , එකෙන් දිනන අපේ වීරයාට අවස්ථාවක් හම්බවෙනවා, එහෙදි ඇන්ජෙලා ට අපේ බෝන් රබර් ඇහැ දානවා විතරක් නෙවේ, ඒක James ට අතේ මාට්ටු වෙනවා ,

ඒ හැමදෙයක්ම අස්සේ බොන් ඇන්ජෙලා ට කතා කරන්න අවස්ථාවක් හදා ගන්නවා , මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටපු ඇන්ජෙලා පිස්තෝලයක් අරන් බෝන්ට වෙඩි තියන්න හදද්දී බෝන් පින්තුරයක් පෙන්නවා එකෙන් ඇන්ජෙලට උන් හිටි තැන අමතක වෙනවා “ඩැනී ?”

කවුද මේ ඩැනී එක දැනගන්න නං ඕගොල්ලොන්ට movie එක බලන්නම වෙනවා, ඒ වගේම කතාවේ මුලින් දැකපු අහඹු දේවල් අහඹු දේවල්ම නෙවේ කියලත් movie එක ඉස්සරහට යද්දී ඔගොල්ලොන්න්ට තේරෙයි.

“එයා මැරෙන වෙලාවෙ මගෙන් ඉල්ලුවෙ
මෙයා ගැන හොයල බලන්න කියලද?”

“ඔයා මේ හැමදෙයක්ම කෙරුවෙ
හිර ගෙදර පොරොන්දුවක් රකින්නද?”