සොයන්න
උණුසුම් පුවත්

Movie Review

Finch 2021 සිංහලෙන්- විනාශ වු ලෝකයක තනිවී

2021 වර්ශයේ පැමිනි මෙම චිත්‍රපටිය Apple tv + ඔස්සේ විකාශ වූ චිත්‍රපටයක් , 7/10 IMdb ratings අගයක් ලබා ඇති මේ චිත්‍රපටය විද්‍යාත්ම චිත්‍රපට වලට කැමති අයටනන් ගොඩක් ආස හිතෙන ජාතියේ එකක් , අනික් කරනේ තමයි ලෝකේ අද මේ තියෙන වසංගත තත්වයත් එක මේ චිත්‍රපටයේ එක සමහර දේවල් ප්‍රේක්ෂකය ට පොඩ්ඩක් දැනෙන විදියේ වැඩක් කියලයි මට නං හිතෙන්නේ
අපි දැන් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු ..

පොඩ්ඩක් මෙහෙම හිතන්න covid නිසා මේ මහ පොලොවේ ඉන්න මිනිස්සු ඔක්කොම මැරිලා ගිහින් ඔබ විතරක් ඔබේ සුරතල් බල්ලා සමග තනි උනොත් ??
හිතා ගන්නත් පොඩ්ඩක් අමාරුයි නේද ?
මේ ෆිල්ම් එකේ තියෙන්නෙත් ඒ වගේ දෙයක් , හැබැයි මේකේ මිනිස්සු මැරිලා තියන්නෙ covid හින්ද නම් නෙවෙයි, පාරජම්බුල කිරණ නිසා , මහා පොලවට වැටෙන පාරජම්බුල කිරණ නිසා මිනිස්සූ පිච්චිලා මැරිලා වැටෙනවා , ඔක්කොම නෙවේ සැහෙන්න පිරිසක් කියමුකෝ ..

ෆින්ච්
ෆින්ච් විද්‍යාඥයෙක් , එයා සිසිලන පද්දති වලින් පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා විය හැකි ජාතියේ ඇදුමක් හදාගෙන තමා කෑම හොයාගන්න එලියට බහින්නේ, covid කාලේ අපිටත් එහෙම අත්දැකීමක් තිබ්බ නේ නේද ? එහෙමවත් කෑම හොයාගන්න බැරි කාලෙක තම මේ ෆින්ච් එලියට බහින්න හදන්නේ ,
මිනිස්සු පිච්චිලා මැරෙන තරමට සැරයි , ෆින්ච් එක්ක තව දෙන්නෙක් ඉන්නවා , ඒ කවුද දෙන්නෙක් , මුලින් කිව්වේ සුරතල් බල්ලෙක් ගැන විතරනේ , නෑ තව ෆින්ච් විසින් හදපු රොබෝ කෙනෙකුත් ඉන්නවා , ඇත්තටම ම රොබෝව ෆින්ච් හදන්නේ, තමන් නැති කාලෙක තමන්ගේ සුරතල් බලු කුක්ක බලාගන්න ,
ඉතින් මේ තුන් දෙන එලියට බැහැපු වෙලාවේ ඉදන් මුහුණ දෙන්නේ එසේ මෙසේ ප්‍රශ්න වලට නම් නෙවේ , ඒවා දැනගන්න නං ෆිල්ම් එක බලන්නම වෙනවා

Tags