සොයන්න
උණුසුම් පුවත්

Movie Review

Quite Place 2018 / 2020 චිත්‍රපටයේ කතාව සිංහලෙන්

සද්ද කරොත් විනාසයි
Quite place

Horror ගණයට අයත් මෙම චිත්‍රපටය කොටස් දෙකක් ලෙස නිකුත් උනා , ඒ 2018 සහ 2020 අවුරුදු වලදී , මේක කොච්චර ප්‍රේක්ෂක ආකර්ෂණය දිනගත්තද කියනවා නං පළමු කොටසට 7.5ක IMDb rating අගයකුත් දෙවන කොටසට 7.3 IMDb Rating අගයකුත් ලැබුන, මේ චිත්‍රපටයේ දෙබස් සැහෙන ප්‍රමාණයක් sign language එකෙන් යොදා තිබීම විශේෂයි , හැබැයි පරිසරයේ ශබ්ද සහ පසුබිම් සංගීතයෙන් සෑහෙන හොද ෆීලින්ග් එකක් දෙන හින්ද මේක කම්මැලි film එකක් නං නෙවේ ,

කතාව පැත්තට හැරෙමුකො
මේ කතාවේ මුල්ම දර්ශනය පලු නිහඩ නගරයක super market එකක දර්ශනයක්, පාලුවට ගිය එඅ super market එකේ පවුලක් තමන්ට පුළුවන් තරං බඩු එකතු කර ගන්නවා ශබ්දයක් ඇති නොවන විදියට තම මේක වෙන්නේ , කවුද මේ, මේ තම,අ ඇබෝට් පවුල , අම්මයි තාත්තයි පුතාල දෙන්නයි දුවයි , මේ දුව බිහිරි , මේගොල්ලෝ මෙච්චර කල් ජීවත් වෙන්නත් මේ දුවගේ බිහිරිබව ආශීර්වාදයක් උනා , මොකක් බිහි රි බව ආශීර්වාදයක් ? ඔව් , එයාගේ බිහිරි බව නිසා මුළු පවුලටම සංඥා භාෂාව පුළුවන් ,

බිහිරි බව අශිර්වදයක්ලු , සද්ද කරොත් විනසයිලු , තාම තේරුනේ නැහැනේද ,
හිතන්නකෝ මිනීමරු පිටසක්වල මුරුගයන් රෑනක් සද්දයක් ඇහුනු වහාම ඒ සද්දය ඇහුණු තැනට ඇවිත් හැමෝම විනාස කරනවා කියල, ම්ම් දැන් තෙරුනනේ ,, මේ පවුලේ තාත්තා ගොඩක් try කරනවා මේ සතුන්ගේ දුර්වල ස්ථාන සොයාගන්න ඉතුරු ටික කතාව බලලම තේරුම් ගන්නකෝ ,, අහ්හ් දෙවන කොටසේ තියෙනවා මේ සත්තු මේ ලෝකෙට ආපු විදියත් ,, දැන් සද්ද නොකර කතාව බලමු

Tags