සොයන්න
උණුසුම් පුවත්

Movie Review

The King’s Man 2021 චිත්‍රපටයේ කතාව සිංහලෙන්

කින්ග්ස්මන් english ෆිල්ම්ස් වලට ආස යට අලුත් දෙයක් වෙන්න නං බැහැ , දැන් නැති අයට කියා ගෙනම යන්නන්කෝ , කින්ග්ස්මන් කියන්නේ රහස් ඔත්තු සේවයක් , මේකේ විශේෂත්වයක් වන්නේ මෙගොල්ලොන්ගේ headquarters එක, ඒ කියන්නේ ඒ ගොල්ලොන්ගේ මුලස්ථානය ලෝකප්‍රසිද්ද රෙදි කඩයක්, ඉතා විශාල ජාලයක් සහිත මේ කින්ග්ස්මන් රහස් ඔත්තු සේවය ඉතා නවීන තාක්ෂණයක් භාවිතා කරමින් තම බුද්ධි කටයුතු සිදු කරන්න මේ මුලස්ථානය යොදා ගන්නවා. මේ ගොල්ලෝ පාවිච්චි කරන නවීන තාක්ෂණය බාවිතා කරලා මිනිස්සු එදින්නේද භාවිතා කරන භාණ්ඩ upgrade කරලා තමන්ගේ මෙහෙයුම් වලට යොදා ගන්න ආකාරය කලින් film දෙකම බලපු අයට නං අමතක වෙන්න විදියක් නෑ , කලින් ෆිල්ම් දෙක(Kingsman: The Secret Service 2014, Kingsman: The Golden Circle 2017) බලලා නැත්තන් ඒ දෙකත් බලන්න. හැබැයි The King ‘s Man 2021 කතාව තේරුම් ගන්න ඒ ෆිල්ම්ස් දෙක බලන එක අත්‍යවශ්‍ය නෑ . මේක බලල ඒ ෆිල්ම්ස් දෙක බැලුවත් කමක් නෑ . හරි දැන් අපි The King ‘s Man 2021 කතාව පැත්තට හැරෙමු,

මේ කතාව ඇත්තටම පලවෙනි ලෝක යුද්දේ කාලය අල්ලලා සැදුනු එකක් , Kingsman ඔත්තු සේවය ආරම්භ උන විදිය තමා මේ ෆිල්ම් එකේ තියෙන්නේ . පලවෙනි ලෝක යුද්දය , රතු කුරුස සංවිදානය වගේ අපි දන්න කියන අහල පුරුදු දේවල් ටිකක් මේ ෆිල්ම් එකේදී වෙනස්ම විදියට යොද ගෙන තියනවා, ඒ විතරක් නෙවේ අති ප්‍රබල චරිත විදියට ලෝකය අදුන ගෙන ඉන්න ලෙනින් , රාස් පුටින් වගේ චරිතත් මේකට එකතු වෙලා තියෙනවා , හැබැයි ඒ චරිත ගැන ලෝකය අදුනගෙන ඇති විදියට නෙවේ මේ ෆිල්ම් එකේ නං ඉන්නේ , ඒවා ටිකක් කළු චරිත විදියට පෙන්නුම් කරන්න උතසහ කරලා තියෙනවා කියල තමා මගේ පෞද්ගලික අදහස. මේ දේවලුත් එක්ක මේ ෆිල්ම් එක අලුත්ම විදියේ එකක් කියලයි මට හිතෙන්නේ , අහ් තව දෙයක් ෆිල්ම් එකේ අවසන් උනාම න නාමාවලියෙන් පස්සේ පොඩි කොටසක අපි කවුරුත් අහල තියන ලෝකයේ පහල වෙච්ච දරුණුතම මනුෂ්යයත් ඉන්නවා , එ කවුද කියල ෆිල්ම එක බලලම තේරුම් ගන්නකො

Tags