ධනාත්මක චින්තනය
ඔයා තුල තියෙන හෝ තිබු කිසියම් හැකියාවක් අඩු වෙමින් දුර්වල වෙමින් යනවාද ?

ඔයා තුල තියෙන හෝ තිබු කිසියම් හැකියාවක් අඩු වෙමින් දුර්වල වෙමින් යනවාද ?
මෙහෙම ගොඩාක් වෙලාවට වෙන්නේ,ඔයා ළගම කෙනෙක් හෝ එදිනෙදා ගනුදෙනු කරන කෙනෙක් ඔයාව ක්රමක්රමයෙන් දුර්වල කරන කොට. මේකට කියන්නේ ඔයාට නියුරෝ ලොක් එකක් වැටිලා කියලා.
ඉතින් ඔයා ළගින් ඇසුරු කරන කෙනෙක් හෝ එදිනෙදා හමුවෙන ,එකට වැඩ කරන අය නිසා ඔයාට ගොඩාක් දේවල් පිලිබද තියෙන කොන්ෆිඩන්ට් එක නැතිවෙනවානම් ඒ ඇවිල්ලා ඔයාව පාලනයේ පහසුව තකා ඔවුන් විසින් කරන උපක්රමයක්.
කිසියම් කෙනෙක්ව පාලනය කරන්න තියෙන ලේසීම ක්රමය තමා එයාගේ ස්වාධීන බව අඩු කරන එක. හැකියා ඉවත් කරන එක… දුර්වලයෙක් ලෙස සමාජයට හංවඩු ගහන එක…
කුරුල්ලෙක් අල්ලගත්තාම තටු කපලා ඊට පස්සේ තටු එනකන් ඌව කූඩුවකට දාලා දවසින් දවස දෙන කෑම ප්රමාණය වැඩි කරන කොට දොර ඇරලා තිබ්බත් ඌ යන්නේ නෑ. ඒකයි දුරවල කරනවා කියලා කියන්නේ….කිසියම් රාමුවක් තුල හිර කරනවා.
මනසේ ,මොළයේ නියුරෝන ක්රියාකාරීතවය සදහා සමහර ලුබ්රිරිකේශන් ඕනා කරනවා.
ඉතින් මේ නියුරෝ ලොක් එක වැටුනාම ඒ පෙදෙස වියලී යාමක් වෙනවා.
හිතන්න මෙහෙම ,

ඔයා ගොඩාක් දක්ශයි.හැබැයි ඔයා ට සෙට් වෙනවා ඔයාට තරම්වත් දැනුමක් නැති, හැකියාවක් නැති හැබැයි යල් පැනපු අත්දැකීම් ඇති කෙනෙක් යටතේ වැඩ කරන්න. හැබැයි එයා කැමති නෑ තරුණ ඔයාගෙන් අදහස් අරන් සහයෝගයෙන් වැඩ කරන්න.. ඉතිං ඔයාට වෙනවා අරයගේ තර්ජන ගර්ජන වලට යටත්ව වැඩ කරන්න..ඊට පස්සේ කාලයක් යද්දී ඔයාවත් මොට වෙනවා…අරූගේ නම යනවා ඔයාගේ හම යනවා. ඉතින් මේ විදිහ බලපෑමකින් නියුරෝ ලොක් එකක් වැටුනාම ඔයාට ඒක වෙනස් කරගන්න කාලයක් යනවා. ඒකට ඔයාට ඕනා වෙනවා නියුරෝ ඕපනර් කෙනෙක්ව…
හරි ලස්සන මිනිස්සු ඉන්නවා අනිත් අයව උත්තේජනය කරන්න පුලුවන් උත්පේරකයක් වගේ.
එකෙන් වෙන්නේ ඔයාගේ අර මනසේ වියලුන පෙදෙස ක්රමයෙන් ලුබ්රීකේටින්ග් වෙන්න ගන්නවා.
ඔයාට ඉන්න ෆීල්ඩ් එකෙන් ඉහලට යන්න අමාරු නම් හැමදාම ඔයාව හයිලයිට් කර කර මේල් ගහනවා නම්, ඒ නිසාම ඔයාට ඔයා එක තැන පල් වෙනවා,ගොඩ ඒමක් නෑ වගේ ෆීල් එකක් එනවා නම්,ඔයා ඔය ලොකින්ග් සීන් එකේ ඉන්නේ.
මේ නිසා ඔයාගේ මනස අවුල් සෑහෙන්න.
අනිත් දේවල් පවා ටික ටික අවුල් වෙන්න ගන්නවා.
සමහර ඔෆිස් වල වැඩකරන අය කියනවානේ “මට කාත් කවුරුත් නැති තැනකට ගිහින් තනියම ඉන්න ඕනා “කියලා.
ඉතින් මේ නියුරෝ ලොකින් සීන් එක ආවම කරන්න තියෙන්නේ ටික කාලයක් තනියම ඉන්න තැනක් හොයාගෙන පුරුදු පුහුණු වෙන්න වෙනවා.
කට්ටියක් එක්ක ඉන්නකොට මේ ලොකින්ග් මයින්ඩ්ස් තියන අය තව ඩීප් ලොක් වෙනවා.
ඒක තමා ඔය ටැලන්ටඩ් ආර්ටිස්ට්ලා තනියම ඉන්නේ.
මන් දන්න ගොඩාක් ටැලන්ටඩ් බිස්නස් වුමන් ලා සතියේ දවස් පහ තනියම ඉන්නේ.
සති අන්ත වල තමා හබී ලමයි එක්ක සෙට් වෙන්නේ. ඔය මයින්ඩ් එක ෆ්රෙශ් තියාගන්න.
හැබැයි ඔයා ගැහැණු කෙනෙක් නම් මේ හැමදේටම අපිට උදව් කරන්න , අපිව තේරුම් ගන්න කෙනෙක් අපිට ඉන්න ඕනි..
උපුටා ගන්නා ලද්දකි.