ධනාත්මක චින්තනය
චීන උණ ගහ
චීන උණ ගහ කිව්වම මුලින්ම සමහරවිට පැන්ඩෙක් මතක් වෙනව ඇති.
ඒත් මතක් වෙන්නෙම අමාරු කාල සහ සාර්ථකත්වය.
ඒත් මතක් වෙන්නෙම අමාරු කාල සහ සාර්ථකත්වය.
ඒක මෙහෙමයි,
චීන උණ ගහේ කතාව ලෝකෙ පුරා සාර්තක මිනිස්සු එයාලගෙ හිතේ ශක්තිය සහ එයාලගෙ ජීවිතේ ආපු ගමන් මග උදාහරනයකට අනිවාර්යයෙන්ම ගන්න දෙයක්
දවස ගානෙ වතුර පොහොර පෝශනය මේ හැමදේම උරාගෙන අවුරුදු පහක් පොලව යට දුශ්කර ක්රියා කරනව වගේ එයා එයා විසින්ම ශක්තිමත් වෙනව.ඊට පස්සෙ අවුරුදු පහකට පස්සෙ තමයි එයා ඉර එලිය දකින්නෙ.ඉර එලිය දැකල සති පහක් වගේ ඇතුලත එයා අඩි 90 ක් තරම් උසට පැලවෙනව.ඉතාම වේගවත් විදියට
ඒක කොහොමද අපේ ජීවිතේට සම්බන්ධ වෙන්නෙ ??
අවුරුදු පහක් පොලව යට සිටීම
ඒක හරියට ජීවිතේ අමාරු කාලෙ වගේ.ෆේල් වෙවී රිජෙක්ට් වෙවී සෑහෙන්න කාලයක් සාර්ථකත්වයට යන පාර හොයනව.අඩියක් ඉස්සරහට යනකොට අඩිගානක් ආ පස්සට විසි වෙනව.මුදල්ම නෙවේ. වටපිටාවෙ ඉන්න මිනිස්සු තීරන බැඳීම් සහ ගනුදෙනු කරන මිනිස්සු එක්ක ඒකෙ ස්වභාවය වෙනස් වෙනව
සමහර මිනිස්සු අතාරිනව.ඒ අතාරින මිනිස්සු නෙවේ මේ චීන උන ගස් ගනයට වැටෙන්නෙ.ෆේල් උනත් අතාරින්නෙ නැතුව තමන්ගෙ අරමුන අත් නොහැර ඉන්න මිනිස්සු
එයාල කාලය අරගෙන ඕනවටත් වඩා අත්දැකීම් ව්ලින් ශක්තිමත් වෙලා එයාලගෙ සාර්ථකත්වයේ පාර හොයාගත්තට පස්සෙ එයාල අතිශය වේගවත්.ඒක හරියට චීන උනගහේ වායව කොටස දවස් පහෙන් අඩි 90 ක් උස යනව වගේ
දවස් පහෙන් උස ගියාට අර පොලව යට තියන භූගත කොටස ගැන කිව්වොත් ඒකෙ ශක්තිය සමාන කරන්නෙ ශක්තිමත් කොන්ක්රීට් කොටස් පහකට හරියට අමාරු කාල වල මිනිස්සුන්ගෙ හිතේ කටු කාල දරාගෙන ඇති කරගන්න ශක්තිය වගේමයි
ඉතිං චීන උන ගහ වගේ වෙන්න ඕනි ඇයි කියල ඔයාම කල්පනා කරලා බලන්න !!!
උපුටා ගැනීමකි.