සොයන්න
උණුසුම් පුවත්

පාඨක ලිපි

නිල් ඇස් කතා කරයි

ජීවිතේ මං දැකපු ලස්සනම අස් දෙක තිබුනේ එයාට. එයාගේ ඇස් නිල පාටයි. දකින ඕනේ කෙනෙක්ගේ හිත වසඟ කරන්න එයාට පුළුවන්.ඇත්තටම දැන් හැමෝම බලනවා ඇති මන් මේ කගේ ඇස ගැනද කතා කරන්නේ කියල. එයාගේ නම සින්ටි. සින්ටි කියන්නේ මනුස්සයෙක් නෙවෙයි. සින්ටි කියන්නේ පූස් පැටියෙක්. එයා මගේ ජීවිතේට ඇවිත් මාසයක් හිටියා. මං එයාව මුලින්ම දකිනකොට එයාගේ ඇස් ඇරලා තිබුනේ නෑ. සතියකට පස්සේ එයා ඇස් ඇරියා. ඇත්තටම හරිම ලස්සනයි. නිල මැණික්කැට දෙකක් වගේ. මගේ ජිවිතේ මං ඒ තරම් ලස්සන ඇස් දෙකක් කාගෙන්වත් දැකල නැහැ. මට කියන්න වචන නෑ. ටික කාලයක් එය එක්ක ගත කලා. කාලය ඉක්මනටම යන්න ගිය . එයාට මාව දාල ඉක්මනට ම යන්න උනා . එය තනි උනා. කාත් කවුරුත් නැති තැනක . අදටත් මං දන්නේ නෑ එයට මොකද උනේ කියල . ඒත් මම දෙවියන්ගෙන් ඉල්ලනවා එයා ජිවතුන් අතර ඉන්නවනං එයාව පරිස්සං කරන්න කියල . මට එයාව එයාව බේරා ගන්න බැරි උනා . මන් දන්නේ එක දෙයයි . අම්මගෙන් කිරිබිලා කවුරු හරි එනවා දැක්ක ගමන් උදෙන් ඉදන් හවස් වෙනකන් දුව දුව සෙල්ලම් කරපු පැටියා කවදාවත් හිතන්නේ නැතුව ඇති එය තනි වෙයි කියල. 😭 සත්තු කියන්නේ පුදුම ජාතියක්. අපිට හිත ගන්න බැරි තරමට අපිට ලං වෙන ජාතියක්. 🙏🙏🙏

Senuri gamage

Tags