සොයන්න
උණුසුම් පුවත්

Uncategorized

ගුවන් යානයක් පැහැර ගන්නා බවට බොරු පැමිණිල්ලක් දැමු අයෙක් අත්අඩංගුවට

ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් යානයක් පැහැර ගැනීමට ලක්ව ඇති බවට දුරකථනය හරහා අසත්‍යය පැමිණිල්ලක් සිදුකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලවත්ත පොලීසිය පැවසුවේ සිද්ධියට සැකපිට 42 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු විසින් ගුවන් තොටුපොල පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව එම මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.

එම පැමිණිල්ල රාජ්‍ය විරෝධී පැමිණිල්ලක් ලෙස සලකා සැකකරු වැල්ලවත්ත ප්‍රදේශයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව වැල්ලවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

Tags