විදෙස් පුවත්
තුර්කියට 6.1ක ප්‍රබල භූකම්පනයක්
වයඹ දිග තුර්කියේ බාලිකෙසීර් පළාතේ රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූකම්පාවක් ඇතිව තිබෙනවා.
මෙම භූකම්පනය එරට විශාලතම නගරය වන ඉස්තාන්බුල් ඇතුළු පළාත් කිහිපයකටම දැනී ඇති බවද සඳහන්.
තුර්කි ආපදා කළමනාකරණ ඒජන්සිය (AFAD) නිකුත් කළ නිවේදනයට අනුව එරට වේලාවෙන් ඊයේ (10) රාත්‍රී 7.53කට මෙය සිදුව තිබෙනවා.
භූකම්පනයෙන් සිදුව ඇති හානිය සම්බන්ධව වැඩිදුර තොරතුරු වාර්තා වී නැහැ.
තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අලි යර්ලිකායා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ භූකම්පනයෙන් මේ වන විට එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි.
ඊට අමතරව තවත් පුද්ගලයින් 29 දෙනෙකේ තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි 16ක් පමණ කඩා වැටී තිබෙනවා.
පසුගිය 2023 පෙබරවාරි මසදී එරට ඇති වූ ප්‍රබල භූකම්පාවකින් පුද්ගලයින් 53000ක අධික සංඛ්‍යාවක් මියගිය අතර පුරාණ අන්තියෝකියා නගරයේ කොටසක් ද විනාශ වුණා.
