උණුසුම් පුවත්
චාමර සම්පත් දසනායක අත්අඩංගුවට! චෝදනා ලැයිස්තුව මෙන්න..
රාජ්ය බැංකු දෙකකින් රුපියල් මිලියන දෙක හමාරක මුදලක් ඌව පලාත් සභාවට ලබාගෙන එම මුදල් චාමර සම්පත්ගේ පදනම් ගිණුමට බැර කරවා ගැනීම ඔහුට එල්ල වී තිබෙන එක් චෝදනාවක්.
තවත් රාජ්ය බැංකුවක් හරහා පලාත් සභාවට ලබාගත් රුපියල් මිලියනයක මුදලක් ප්රධාන අමාත්යවරයා වශයෙන් සෘජුව ලබා ගැනීම සහ රාජ්ය බැංකුවකින් මුදල් ඉල්ලා බැංකු කළමණාකරු එම මුදල ලබාදීම ප්රතික්ෂේප කිරීමෙන් පසුව පලාත් සභාව පවත්වාගෙන ගිය සියළු ස්ථාවර තැන්පතු එම බැංකුවෙන් ඉවත්කර ගැනීම හේතුවෙන් රුපියල් මිලියන 23ක පාඩුවක් රජයට සිදු කිරීම හේතුවෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.
ඉහත චෝදනා සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දීමට අද (27) පෙරවරු 09:30ට පමණ මන්ත්රී චාමර සම්පත් අල්ලස් කොමිසමට කැඳවා තිබූ අතර, එහිදී ඔහුව අත්අඩංගුවට ගැණුනා.
