සොයන්න
උණුසුම් පුවත්

ජාත්‍යන්තර චෙස් දිනය අදයි.

UNESCO සංවිධානය විසින් සෑම වසරකම ජූලි මස 20 වන දින ජාත්‍යන්තර චෙස් දිනය සැමරීම සඳහා වෙන්කර තිබෙනවා. ලෝ පුරා වෙසෙන චෙස් ලෝලීන් විසින් වසර 50කට අධික කාලයක් පුරාවට සම්ප්‍රදායක් ලෙසින් මෙලෙස ඔවුනගේ ප්‍රියතම ක්‍රීඩාව සමරනු ලබනවා. මෙම වසරේදී චෙස් දිනය ගෝලීය වශයෙන් පුද්ගලයන්ට සහ සමාජයට චෙස් ක්‍රීඩාවේ ඇති බලපෑම සම්බන්ධයෙන් සිහිපත් කරලීමක් සිදු කරනු ලබනවා.

චෙස් ක්‍රීඩාව පුද්ගලයාගේ බුද්ධි වර්ධනය​, තර්කනය​, තීරණ ගැනීමෙහි හැකියාව ඔප් නැංවීම සඳහා අවශ්‍ය දායකත්වය සැපයීමෙන් ඔබ්බට ගොස් මේ වන විට සංස්කෘතිකමය වශයෙන් පුද්ගල සබඳතා මුහු කිරීමට සහ එකිනෙකාගේ අවබෝධයය ප්‍රවර්ධනය කිරීමෙහි ලා වැදගත් කාර්‍යභාරයක් ඉටු කරනු ලබනවා.

Tags