උණුසුම් පුවත්
නෙවිල් වන්නිආරච්චි ඔක්තෝබර් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි නෙවිල් වන්නිආරච්චි යන අය ඔක්තෝබර් මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
රුපියල් මිලියන 28 කට අධික වටිනාකමකින් යුත් වත්කම් සහ දේපළ උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත අල්ලස් කොමිසම මගින් නෙවිල් වන්නිආරච්චි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
