සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

මිද්දෙණියේ ඝාතනයට පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට​!

මිද්දෙණිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක​ අමාත්‍ය ආනන්ද විජේපාල අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
 
අරුණ විදානගමගේ නැතහොත් කජ්ජා නමැති වයස අවුරුදු 39ක පුද්ගලයෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා එම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත්වුණා.
 
ඔහු ඉකුත් ඉරිදා රාත්‍රියේ (18) සිය දරු දෙදෙනා සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මිද්දෙණිය කඩේවත්ත හන්දිය ආසන්නයේදී රාත්‍රී 10.15ට පමණ නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්වුණා.
 
සිද්ධියෙන් අරුණ විදානගමගේ සහ ඔහුගේ සය හැවිරිදි දියණිය ජීවිතක්‍ෂයට පත්වූ අතර​, 09 හැවිරිදි පුත්‍රයා ගාල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ගනිමින් සිටියදී පසුදා ජීවිතක්‍ෂයට පත්වුණා.
 
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ යූ ටියුබ් සම්මුඛ සාකච්ඡාවකදී විදානගමගේ මීට පෙර තමා රාජපක්‍ෂ පවුලේ හිතෛෂියෙකු බවත් එම දේශපාලකයන් විසින් සිදු කරන ලද වංචා සහ දූෂණ සම්බන්ධයෙන් වන අනාවරණයන් රැසකුත් සිදුකර තිබුණා.
 
අරුණ විදානගමගේ සිය යූ ටියුබ් සම්මුඛ සාකච්ඡාවේදී කියා සිටියේ තමන් රාජපක්‍ෂ පවුලේ සගයන් වෙනුවෙන් විවිධ අපරාධ මෙහෙයුම් සිදු කර ඇති බවත්, 2022 වසරේ ආර්ථික අවපාතයෙන් පසු රට අස්ථාවර වූ කාල පරිච්ඡේදයේදී එම දේශපාලකයන් සමග​ ඇතිවූ විරසකය හේතුවෙන් ඔවුන් විසින් අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකුට තමා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබූ බවත් ය​.
Tags