සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

W15 හෝටලය ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධියට අදාලව​ සෙසු සැකකරුවන් අත්අඩංගුවට නොගන්න යැයි නීතිපතිගෙන් උපදෙස්

2023 වසරේ දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම පැලෑන W15 හෝටලය ඉදිරිපිටදී අපරාධකරුවන් යැයි වරදවා වටහාගෙන වැලිගම පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් සිදුකල වෙඩි තැබීමකින් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
 
ඉකුත් පෙබරවාරි 27 වනදා මාතර මහේස්ත්රාත් අධිකරණය විසින් නියෝග කලේ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 07 දෙනෙකු එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙසයි.
 
වරෙන්තු ලබා සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06 දෙනා තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
 
ඒ අනුව නීතිපතිවරයා සහ පෙත්සම්කරුවන්ගේ නීතීඥවරුන් එළඹ ඇති එකගතාව මත මූලික විමර්ශණ අවසන් වනතෙක් ඔවුන් හය දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.
 
ධූරයේ අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 06ක් තවමත් විමර්ශණ සිදු කරනු ලබනවා.
Tags