උණුසුම් පුවත්
නවක මන්ත්‍රීවරුන් සඳහා දින 03ක වැඩමුළුවක් ඇරඹෙයි.

පාර්ලිමේන්තුවට තේරී පත්වූ අභිනව මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු ආචාරධර්ම සහ සම්ප්‍රදායන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් එළඹෙන 25, 26 සහ 27 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු මහලේකම් කාර්‍යාලය සඳහන් කර තිබෙන ආකාරයට එම වැඩමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්‍යභාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද, නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතයි.
ඊට අමතරව මන්ත්‍රීවරුන්ට ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය භාවිතයෙන් ඡන්දය භාවිතා කිරීම සම්බන්ධයෙන් වන ප්‍රායෝගික සැසියක් සහ දූෂණ විරෝධී පනත මගින් ස්ථාපිත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවට අදාළ නීති හා ක්‍රියාවලියන් පිළිබඳවද එම වැඩමුළුවේදී දැනුවත් කිරීමට නියමිතව ඇතැයි වැඩිදුරටත් සඳහන්.