උණුසුම් පුවත්
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට.
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත මෙන්ම රාජ්ය මූල්ය කළමනාකරණ පනත් කෙටුම්පත අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
දැනට ගැසට් කර ඇති ආර්ථික පරිවර්තන කෙටුම්පත මගින් ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය අහෝසි කර ආර්ථික කොමිෂන් සභාවක් ඇතුලු ආයතන 5 ක් පිහිටුවීමට යෝජිතව තිබෙනවා.
අදාළ කෙටුම්පතට එරෙහිව ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෘත්තීය සමිති ඊයේ එහි ප්රධාන කාර්යාලය පිහිටි කොළඹ – කොටුව ලෝක වෙළද මධ්යස්ථානය ඉදිරිපිට මෙන්ම කටුනායක, කොග්ගල, බියගම ඇතුළු නිදහස් වෙළෙඳ කළාපවල විරෝධතා කිහිපයක්ම සංවිධානය කරනු ලැබූ අතර, නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර සිටින්නේ ආයෝජන ක්‍ෂේත්‍රයේ ප්රවීණයන්ගෙන් හෝ ආයෝජකයන්ගේ කිසිදු අදහස් විමසීමකින් තොරව ඉතා සුලු පිරිසකගේ අභිමතය පරිදි මෙම පනත් කෙටුම්පත සකසා ඇති බවය.