උණුසුම් පුවත්
ක්‍රිෂ් නඩුවෙන් මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් ඉවත් වෙයි
ආන්දෝලනයට තුඩුදුන් ‘ක්රිෂ්’ ගණුදෙනුවට අදාළව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුවෙන් ඉවත් වීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන මංජුල තිලකරත්න සහ සුජීව නිශ්ශංක යන මහත්වරු තීරණය කර තිබෙනවා.
මෙරට ජ්යෙෂ්ඨ මාධ්යවේදීන් වන පෝද්දල ජයන්ත සහ සනත් බාලසූරිය විසින් මෑතකදී ෆේස්බුක්හි පළකර තිබූ අදහස් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විනිසුරු මංජුල තිලකරත්න අද (27) අධිකරණයට දැනුම් දුන්නා.
විනිසුරු සුජීව නිශ්ශංක ද එම නඩුවෙන් ඉවත් වීමට තීරණය කළ බව සඳහන්ව තිබුණා.
නඩු කටයුත්ත ඉදිරියට කරගෙන යාම සඳහා සුදුසු විනිසුරුවරයෙකු තෝරා ගන්නා තෙක් කරුණු අධ්යයනය කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ වෙත යොමු කර ඇති අතර, එය 2025 මැයි 21 වන දින නැවත කැඳවීමට නියමිතයි.
