සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

ගම්පහ ඔස්මන් ඝාතනයේ සිව්වන තැතත් ව්‍යර්ථ වෙයි

ගම්පහ ප්රදේශයේ ප්රකට ව්යාපාරිකයෙකු වන ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමේ කුමන්ත්රණයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයට බුද්ධි තොරතුරක් ලැබී තිබුණා.
 
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඊයේ (18) රාත්රියේ ගම්පහ තම්මිට ප්රදේශයේ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණේ ඒ අනුවයි.
 
එහිදී තම්මිට ප්රදේශයේ නිවසක එම ඝාතනය සිදු කිරීම වෙනුවෙන් රැඳී සිටි පුද්ගලයන් 05 දෙනෙකු සහ ඔත්තු බැලීමට කටයුතු කරමින් සිටි දෙදෙනෙකු ද ඇතුළුව පුද්ගලයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
එහිදී ටී 56 ගිනි අවි දෙකක්, මැගසින් දෙකක්, උණ්ඩ 105ක් සහ ජංගම දුරකථන 15ක් ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා. ගම්පහ ප්රදේශයේ සංගීත සංදර්ශණයකට ඔස්මන් ගුණසේකර ආරාධිතයෙකු වශයෙන් පැමිණීමට නියමිතව සිට ඇති අතර​, එහිදී මෙම ප්රහාරය දියත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
 
අදාළ ව්යාපාරිකයා ඝාතනයට මීට පෙර අවස්ථා 03කදී උත්සාහ දරා ඇති අතර​, ඉන් අවස්ථා දෙකක්ම මෙහෙයවා තිබුණේ ගණේමුල්ලේ සංජීව විසිනුයි. ඒ අනුව මෙය ගම්පහ ඔස්මන් ඝාතනය ව්යර්ථ වූ සිව්වෙනි අවස්ථාව වනවා.
Tags