උණුසුම් පුවත්
පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට රනිල් සිදුකළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කෙරෙයි
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් මේ වන විට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන සිවනේෂතුරෙයි චන්ද්රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට සිදු කරන ලද ඉල්ලීම ප්රතික්ෂේප කර තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජයපාල මහතා විසින් මේ බව සඳහන් කර තිබුණා.
රනිල් වික්රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු මාර්ගයෙන් CID නිලධාරීන් දුරකථනයෙන් අමතා මෙම අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිට ඇති අතර, රැඳවුම් භාරයේ සිටින සැකකරුවෙකු සමග දුරකථනයෙන් කතාබහ කිරීම නීති විරෝධී බැවිනුයි එම ඉල්ලීමට අවසර ලබා දීමක් සිදුකර නොමැති බවට සඳහන් වන්නේ.
කෙසේ වෙතත් පිල්ලෙයාන්ගේ නීතීඥවරයා ලෙස කටයුතු කිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ සැකකරු සමග සාකච්ඡා කිරීමට අවසර ලබාදී තිබෙනවා.
නැගෙනහිර විශ්ව විද්යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්රමනියම් රවින්ද්රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වලට අදාළව පිල්ලෙයාන් පසුගිය 08 වනදා අත්අඩංගුවට ගැණුනා.
