කොමාන්ඩෝ බලගණය – නොහැක්කක් නොමැත
70 දශකය අග භාගය වන විට ලෝක ත්‍රස්තවාදය ව්‍යාප්ත වීම සහ අසම්මත යුධ පිළිවෙත් අනුගමනය කිරීම දක්නට ලැබුණු කරුණකි. ශ්‍රී ලංකාව තුල ද එවැනිම තත්ත්වයක් වර්ධනය වුවහොත්, ඊට මුහුණදීම සඳහා කලාපීය ආරක්ෂාව අරමුණු කර ගනිමින් දියතලාව ඇල්ල කඳුකරයේ විශේෂ ඒකකයක් පිහිටුවීමට පියවර ගනු ලැබිණි.
1980 මාර්තු මස 15 වනදා එය බලගණයක් ලෙස ස්ථාපනය කරන ලද අතර, වර්තමානය වන විට රෙජිමේන්තු මධ්‍යස්ථානයක්, බල සේණාවක්, රෙජිමේන්තු 04ක් සහ පුහුණු පාසල් දෙකකින් සමන්විතය.
විශේෂ පුද්ගල ආරක්ෂාව, විශේෂ විමර්ශණ ක්‍රියාන්විත, ගුවන් ක්‍රියාන්විත, ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම, ත්‍රස්ත ක්‍රියාන්විත, ජල ආශ්රිත ක්‍රියාන්විත සහ අසම්මත යුධ උපක්‍රම කොමාන්ඩෝ පුහුණුවට ඇතුලත් වේ.
අතිශය වෙහෙසකර වන්නා වූ කොමාන්ඩෝ පුහුණුව සඳහා අවශ්‍ය වන ස්වභාවික පාරිසරික සාධක මෙම කඳවුර තුල ක්‍රියාත්මක අතර, එය සම්පූර්ණ කිරීම සඳහා සෙබළෙකු සතුව ද සුවිශේෂී ශක්තියක් තිබිය යුතුය.
යුධ කලාපයේ සතුරා පසුපස කරනු ලබන ක්‍රියාන්විත, මුහුණට මුහුණ සමීපව කරන ක්‍රියාන්විත සහ හමුදා පාලන ප්‍රදේශ වල ක්‍රියාත්මක වන ක්‍රියාන්විත යන යුධ කලාප තුනෙහිම කටයුතු කිරීමට සුවිශේෂී හැකියාවක් කොමාන්ඩෝ සෙබලුන් සතු වීමද මෙහිලා සඳහන් කල යුතුය.