උණුසුම් පුවත්
ස්විස් තානාපතිනියගේ සේප්පුවෙන් ලක්‍ෂ 45ක රන්බඩු සොරාගෙන ඇතැයි පොලීසිය කියයි!
ශ්රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා ආභරණ තොගයක් සොරාගෙන ඇතැයි පොලීසිය පවසනවා.
මැණික් ගල් ඔබ්බවූ රන්මුදු, රන්මාල සහ පෙන්ඩන්ට් තොගයක් එලෙස සොරාගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.
තානාපතිනිය පසුගිය 12 වනදා ස්විට්සර්ලන්තය බලා පිටව ගොස් 27 වනදා නැවත ලංකාවට පැමිණ ඇති අතර, එකී කාලය තුල එතුමියගේ කාර්ය මණ්ඩලයේ 05 දෙනෙකු නිල නිවසේ සේවයේ නිරතව සිට තිබෙනවා.
ස්විස් තානාපතිනිය පසුගිය 29 වනදා කොල්ලුපිටිය පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මේ වන විට විමර්ශණ ආරම්භ කර තිබෙනවා.
