සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

හංසමාලිගේ නඩු කටයුත්ත සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක්!

පියුමි හංසමාලි සම්බන්ධයෙන් සිදුවන විමර්ශණයට අදාළව ඇයගේ නීතීඥයින් විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබෙනවා.
 
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශණයක් දියත් කර තිබෙන අතර​, මෝසම ගොනු කරමින් ඇයගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්රියාමාර්ග හේතුවෙන් ඇයගේ ව්යාපාරයට මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.
 
තම සේවාදායකයාගේ ව්යාපාරය හරහා රූපලාවන්ය ද්රව්ය මිලදී ගත් ගණුදෙනුකරුවන්ගෙන් CID නිලධාරීන් ප්රශ්න කරමින් සිටින බවත්, එය ඇයගේ ව්යාපාර කටයුතුවලට සෘජුවම බලපාන බවත් සහ එනයින් තම සේවාදායකයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුවන​ බවද නීතිඥවරයා විසින් පෙන්වා දී තිබෙනවා.
 
ඉදිරිපත් කල කරුණු සැලකිල්ලට ගනිමින්, අධිකරණය අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට මාර්තු 21 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරනු ලැබුවා.
 
පියුමි හංසමාලිගේ වත්කම් සම්බන්ධයෙන් වන විමර්ශණ කටයුතු තවදුරටත් ක්රියාත්මකයි.
Tags