උණුසුම් පුවත්
නවගමුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට
නවගමුව ප්රදේශයේ ඊයේ (10) රාත්රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කරන්නේ යතුරු පැදියකින් පැමිණ ඇති නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
ආරක්ෂක අංශ නිලධාරීන් ලෙසට පෙනී සිටිමින් සැකකරුවන් දෙදෙනා ඊයේ දින රාත්රියේදී මියගිය පුද්ගලයාගේ නිවසට පැමිණ තිබෙනවා. පසුව ඔවුන් එම පුද්ගලයා අසල තිබූ වගුරු බිමකට කැඳවා ගෙන ගොස් ඔහුට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළා.
තුවාල ලැබූ පුද්ගලයා ප්රතිකාර සඳහා අතුරුගිරිය රෝහලට ඇතුලත් කර ඇති අතර, එම පුද්ගලයා වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ නවගමුව වැලිපිල්ලෑව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.