සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

ශාන් පුතා අත්අඩංගුවට!

ප්රසිද්ධ රැප් ගායකයෙකු වන ශාන් පුතා නමැත්තා මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවියක් සමගින් මීගොඩ, අරලිය උයන ප්රදේශයේදී අද (14) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හෝමාගම පොලිසිය විසිනුයි.

මෙම පුද්ගලයාට ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාසයට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල්වරයෙක් සහ මෙම සැකකරුගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකුද මේ සමග අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

සැකකාර පොලිස් කොස්තාපල් මාතර කොටවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටින අතරතුර එම ගිනි අවිය සොරාකම් කොට ශාන් පුතා නම් ගායකයාට ලබා දී ඇති අතර, පසුව මෙම කොස්තාපල්වරයා මන්නාරම පොලිස් කොට්ඨාසයේ රාජකාරී සදහා ස්ථාන මාරුවක් ලැබ ගොස් තිබියදී මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදි සිදු කල ප්රශ්න කිරිම් හමුවේ මෙම ගිනි අවිය පිලිබද ලද තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනිම අද උදෑසන සිදු කර තිබෙනවා.

Tags