උණුසුම් පුවත්
වසන්ත කරන්නාගොඩගේ නඩුවෙන් විනිසුරුවරුන් දෙදෙනෙක් ඉවත් වේ
හිටපු නාවික හමුදාපති, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට අදාළව ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීමෙන් ඉවත් වීමට ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු තීරණය කර තිබෙනවා.
දිලීප් නවාස් සහ ප්රියන්ත ප්රනාන්දු යන විනිසුරුවරුන් ඊයේ (28) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පෞද්ගලික හේතූන් මත එම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බවයි.
කරන්නාගොඩ මහතා එවකට නාවික හමුදාපතිවරයාව කටයුතු කරන සමයේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළව ඔවුනගේ ඥාතීන් විසින් කරන්නාගොඩ මහතාට එල්ලවී ඇති චෝදනා ඉවත් කරගැනීමට නීතිපතිවරයා ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් එම පෙත්සම් ගොණුකර තිබුණා.
පෙත්සම් 2025 සැප්තැම්බර් මස 15 වන දින වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්.
