සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ තිදෙනෙකු අත්අඩංගුවට​!

දේශපාලන ක්‍රියාකාරිකයෙකු වශයෙන් කටයුතු කල ඩෑන් ප්‍රියසාද් නමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මේ වන විට විදේශ රටක සැගව සිටින කංජිපානි ඉම්රාන් නමැත්තා විසින් මෙම ඝාතනය මෙහෙයවන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

පාතාල කල්ලි රැසකින් ඩෑන් ප්‍රියසාද්ට තර්ජන එල්ලවී තිබූ අතර​, දෙමටගොඩ චමින්ද​, බටුවත්තේ චාමර, ලොකු පැටී, පොඩි පැටී සහ කංජිපානි ඉම්රාන් යනු ඔහු විසින් මත ගැටුම් ඇති කරගන්නා ලද ප්‍රභල පාතාල කල්ලි සාමාජිකයන්.

39 හැවිරිදි වියේ පසුවූ ඩෑන් ප්‍රියසාද් තිදරු පියෙක් වන අතර​, ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොලොන්නාව නගර සභාවට තරග වැදීමට නියමිතව සිට තිබෙනවා.

ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයෙකුද 2022 වසරේදී පිරිසක් විසින් තියුණු ආයුධ වලින් කපාකොටා ඝාතනය කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 06ක් යොදවා ඇති බව වැඩිදුරටත් සඳහන්.

Tags