සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

නඩු කටයුත්තකට සාක්‍ෂි ලබාදීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහාධිකරණයට​.

අල්ලස් කොමිසම විසින් ගොණුකර තිබෙන නඩුවකට අදාළව සාක්‍ෂි ලබාදීම සඳහා අමාත්‍ය විජිත හේරත් අද (29) කොළඹ මහාධිකරණය වෙත පැමිණ තිබෙනවා.
 
ඒ පිළිගත් ටෙන්ඩර් පටිපාටියෙන් පරිභාහිරව සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයි ප්‍රවර්ධන කටයුතු පෞද්ගලික සමාගම් කිහිපයකට පැවරීම තුලින් රජයට පාඩුවක් සිදුකල බවට චෝදනා කරමින් එහි හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජට එරෙහිව යහපාලන රජය සමයේ ගොණුකර තිබෙන නඩුවට අදාළවයි.
 
එම නඩුවට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබූ අමාත්‍ය විජිත හේරත්ට සාක්‍ෂි ලබා දීම සඳහා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියම කර තිබූ අතර​, එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ සාක්‍ෂි විභාගය පෙබරවාරි 05 වනදා දක්වා කල් තැබීමටත් එදිනට අමාත්‍ය විජිත හේරත්ට අධිකරණයේ පෙනී සිටින ලෙසටත් නියෝග කරනු ලැබුවා.
Tags