සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

කොහුවලදී සිදුවූ රිය අනතුරකින් විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍යවරියක මියයයි

කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන ආචාර්ය ජානකී ඩී. ජයවර්ධන මහත්මිය ඊයේ (07) කොහුවල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
 
ඇයගේ පුතු විසින් රථයේ ඉදිරිපස රෝදයට ආධාරකයක් වශයෙන් ගලක් තබා එය පණ ගැන්වීමට උත්සාහ කරමින් සිට ඇති අතර​, ජයවර්ධන මහත්මිය විසින් එම ආධාරකය ඉවත් කොට ඇතැයි සඳහන්.
 
බෑවුමක නවතා තිබූ රථය අනපේක්‍ෂිත ලෙස ඉදිරියට ගොස් ජයවර්ධන මහත්මියගේ ගැටී ඇති අතර​, ඇයව කඩිනමින් කළුබෝවිල රෝහලට ඇතුළත් කළ නමුත් ජීවිතක්‍ෂයට පත්වී තිබෙනවා.
 
ආධාරකයක් ලෙසින් තබා තිබූ ගල ඉවත් කළද ඇයට කඩිනමින් රථයෙන් ඉවතට ගමන් කිරීමට නොහැකි වීම හේතුවෙන් එම මාරාන්තික අනතුරට මුහුණ පෑමට සිදුව ඇතැයි දැනට සිදුකල විමර්ශනවලින් හෙළිව තිබෙනවා.
 
සිද්ධිය පිළිබඳව කොහුවල පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරනු ලබනවා.
Tags