සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

පියුමි හංසමාලිගේ වත්කම් පිළිබඳව විමර්ශණයක් ඇරඹෙයි

‘මගෙන් රටට​’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා කරන ලද පැමිණිල්ලකට අනුව නීති විරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාසය මගින් ප්රසිද්ධ නිරූපණ ශිල්පිණියක වන පියුමි හංසමාලිගේ වත්කම් පිළිබඳව විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.
 
ඊට අදාළව ඊයේ දින කොළඹ අළුත්කඩේ අංක 04 අධිකරණයට එම කොට්ඨාසයේ ‘සංවිධානාත්මක අපාරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශණ ඒකකය​’ මගින් කරුණු දැක්වීමක් සිදුකර තිබෙනවා.
 
එහිදී විමර්ශණ නිලධාරීන් පවසා ඇත්තේ මෙරට ප්රධාන පෙළේ බැංකු 08ක ගිණුම් 19ක් ඇය විසින් පවත්වාගෙන යනු ලබන බවයි. ඒ අනුව අදාළ ගිණුම් වල වාර්තා කැඳවීමට අධිකරණය විසින් විමර්ශණ නිලධාරීන්ට අවසර ලබා දී තිබෙනවා.
 
එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ සමයේදී භාවිතා කරන ලද ජීප් රථය (Range Rover) ඇය රුපියල් ලක්ෂ 780ක් වැය කර එහි හිමිකාරීත්වය දැරූ පුද්ගලයාගෙන් මිලදී ගෙන ඇති බවටද​ විමර්ශණ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබෙනවා.
 
ඊට අමතරව ඇය රුපියල් මිලියන 148ක් වැය කර කොළඹ 07 වෝඩ් පෙදෙසේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකින් නිවසක් ද මිලදී ගෙන ඇති අතර එම මුළු මුදල​ අවස්ථා 15කදී ගෙවා තිබෙන බවටයි විමර්ශණ නිලධාරීන් කරුණු සඳහන් කර තිබෙන්නේ.
 
පියුමි හංසමාලි සිය ප්රධාන ආදායම් මාර්ගය වශයෙන් සම පැහැපත් කිරීමට භාවිත කරන ආලේපන නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යන අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ශණ සිදු කිරීමට නියමිතයි.
 
මුදල් විශුද්ධිකරණ පනත යටතේ අදාළ විමර්ශණ සිදුකොට කඩිනමින් එහි ප්රගතිය දැනුම් දෙන මෙන් අධිකරණය විමර්ශණ නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.
Tags