විදෙස් පුවත්
බ්‍රසීල හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක සිරදඬුවමක්
හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරමේ චෝදනාවට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක් සහ මාස 3ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා වරදකරු කර පැය කිහිපයකට පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනෙක්ගෙන් යුත් මණ්ඩලයේ බහුතර එකඟතාව මත මෙම දඬුවම නියම කර ඇති බව සඳහන්.
මෙහිදී විනිසුරුවරුන් සිව් දෙනෙකු ඔහු වැරදිකරු බව තීරණය කර ඇති අතර එක් අයෙකු ඔහු නිදහස් කිරීමට ඡන්දය ලබාදී තිබෙනවා.
2022 මැතිවරණයෙන් ඔහුගේ වාමාංශික ප්‍රතිවාදියා වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා හමුවේ පරාජය වීමෙන් පසු බලයේ රැඳී සිටීම සඳහා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීම හේතුවෙන් ඔහු මෙලෙස වරදකරුකර ඇති බව වාර්තා වනවා.
