විදෙස් පුවත්
නේපාල පාර්ලිමේන්තු ගොඩනැගිල්ලකට Gen Z විරෝධතාකරුවන් ගිනි තබයි
නේපාලයේ පැවැත්වෙන විරෝධතා අතරවාරයේ දී “GEN Z” විරෝධතාකරුවන් විසින් එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩා වැදී පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි එක් ගොඩනැගිල්ලකට මෙලෙස ගිනි තබා ඇති බවයි.
මේ අතර රටපුරා පවතින අඛණ්ඩව දූෂණ විරෝධී විරෝධතා මධ්‍යයේ නේපාල අගමැති කේ. පී ෂර්මා ඔලි සිය ධුරයෙන් ද ඉල්ලා අස් වී තිබෙනවා.
එරට සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ දී ලියාපදිංචි වීමට අපොහොසත් වීම හේතුවෙන් Facebook, YouTube ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26 ක් නේපාලය තුළ ක්‍රියාත්මක කිරීම පසුගියදා තහනම් කිරීමට නේපාල රජය විසින් පියවර ගෙන තිබූ අතර “GEN Z” විරෝධතාකරුවන් ඊට එරෙහිව විරෝධතා ආරම්භ කර තිබුණා.
