විදෙස් පුවත්
අමෙරිකානු ජනාධිපතිගෙන් ඉන්දුනීසියාවට දැනෙන තීරු බදු සහනයක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දුනිසාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 19%ක තීරු බදු පනවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අග්නිදිග ආසියානු රටක් වන ඉන්දුනීසියාව සමඟ නව ගිවිසුමක් යටතේ ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇති බවයි.
මේ අනුව ඔවුන්ට මීට පෙර සඳහන් කර තිබූ 32%ක තීරු බදු පැනවීම 19% දක්වා අඩු කිරීමට ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
ඉන්දුනීසියාව අමෙරිකානු බලශක්ති සහ කෘෂිකාර්මික නිෂ්පාදන මෙන්ම ඩොලර් බිලියන ගණනක් වටිනා බෝයිං ජෙට් යානා මිලදී ගැනීමට එකඟ වීමෙන් අනතුරුව ට්‍රම්ප් මෙම සහනය ලබාදී ඇති බව වාර්තා වනවා.
