සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

අමෙරිකාව චීනයට එරෙහිව​ තීරුබදු 245% දක්වා වැඩි කරයි

අමෙරිකාව චීනයට පැනවූ තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා මේසයට නොපැමිණ පෙරළා අමෙරිකාවට බදු සහ අපනයන සීමා පැනවීම හේතුවෙන් චීනයේ සිට අමෙරිකාවට ගෙන්වන භාණ්ඩ සඳහා (ඉලෙක්ට්රොනික උපාංග හැරුණ විට​) 245%ක තීරු බද්දක් පැනවෙන බව ධවල මන්දිරය අද (16) නියෝග කර තිබෙනවා.
 
කෙසේ වෙතත් චීන වෙළඳ කටයුතු අමාත්යංශය සඳහන් කරන්නේ අමෙරිකාව සමග මෙම වෙළඳ යුද්ධයට මුහුණ දීම සඳහා ඔවුන් කිසි ලෙසකින්වත් බිය නොවන බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ මෙලෙස කටයුතු කිරීම වෙනුවට චීනය සමග සාකච්ඡාවන්ට එළඹීම වඩාත් ඵලදායී වනු ඇති බවයි.
 
කෙසේ වෙතත් අමෙරිකානු ජනපති ට්රම්ප් සඳහන් කරන්නේ යම් එකගතාවයකට පැමිණීමට අවශ්ය නම් චීනය පළමුව සාකච්ඡාවන්ට පැමිණිය යුතු බවයි.
Tags