විදෙස් පුවත්
ට්රම්ප් සහ පුටින් අතර හමුව අද
රුසියාව සහ යුක්රේන අතර යුද්ධය අවසන් කිරීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් අතර මුහුණට මුහුණ සාකච්ඡාව අද (15) පැවැත්වෙනවා.
මෙම හමුව ඇලෙස්කාවේ දී පැවැත්වීමට නියමිතයි.
ට්රම්ප් සහ පුටින් මෙලෙස මුහුණට මුහුණ හමුවන්නේ වසර 06කට පසුවයි.
රුසියාව සහ යුක්රේන අතර යුද්ධය අවසන් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සිය දෙවන ධූර කාලය ආරම්භ කිරීමටත් පෙර සිටම උත්සාහ කිරීම කැපීපෙනෙන කරුණකි.
ට්රම්ප් අවස්ථා කිහිපයකදී යුක්රේන ජනාධිපති ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි හමු වූ අතර පුටින් සමඟ දුරකතනයෙන් සාකච්ඡා කර තිබුණා.
